21
Sat, Apr

කවිය

දෙසැම්බර් 2 වෙනිදා සවස 2.00 ට  මහජන පුස්තකාලයෙදී  තැන්නේ ඤාණානන්ද හාමුදුරුවන්ගේ කවි පොත් දෙකක් ජනගත වෙනවා ."සුදු මැණිකේ" සහ "ගංගාවි" නමින් , ඒ කවි පොත් දෙක පිළිබඳව සහ කවියේ සමාජ මෙහෙවර පිලිබඳව විවර අපි ඇසූ ප්‍රශ්ණ කිහිපයකට තැන්නේ ඤාණානන්ද හාමුදුරුවන් දුන් පිළිතුරු .

අද දවසේ සමාජය කවියට වෙන්කර තියන ඉඩ කඩ පිළිබඳව මොකද හිතෙන්නේ ?

අතේ තියන මුදලට අනුව ජීවිතය තීරණය කරන සමාජ පරිසරයක, හිතන්න තියන අවකාශයත් හරි අල්පයි. කවිය කියන්නෙ මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන ජොගින් පාත් එකක්. එක්සයිස් එකක්. හැබැයි බහුතරයක් මිනිස්සුන්ට කවියට තියා තමන්ගෙ ජීවිතයෙ අති මූලික ඕනෑ එපාකම් ටිකවත් සපුරගන්න වෙලාවක් නැති වෙලාවෙ. කවිය ගැන මොන කතාද ? කොටින්ම කිව්වොත් මගේ පංතියේ මිනිස්සුන්ට කලාව, කවිය අහිමි කරමින් තියෙනවා. මට ඕනි උන් අතරට යන්න. උන්ව ඇහැරවන්න.

"රස්තියාදු සාදු" කවි පොතට හොඳ සමාජ ප්‍රති චාරයක් ලැබුනාද? ඒනිසාද කෙටි කලකින් තවත් කවි පොත් දෙකක් ඉදිරිපත් කළේ ?

රස්තියාදු සාදු කවි සෙට් එක ටිකක් හිට් නම් උනා වගෙයි. ඒත් ඒක නිසා නෙවෙයි මේ අලුත් පොත් දෙක ලීවෙ. මට ඕනි කාව්‍ය ව්‍යාපාරයක් හදලා , දේශපාලනයෙන් දුර මිනිස්සුන් අතරට යන්න පුළුවන්ද කියලා ට්‍රයි කරලා බලන්න.

 "සුදු මැණිකේ" සහ "ගංගාවි" කවි පොත් දෙකේ තියෙන්නේ බොහොම කෙටි කවි .කවි කෙටි උනාට ඒවා මිනිස්සුන්ව බොහොම රිද්දනවා, සුවපත් කළයුතු සිත් රිද්දන්න කවි ලියන්නේ ඇයි ?

මං කිව්වෙ, කියවන්න තියා හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර මේ මොහොතෙත්, කොම්පැණි කාරයො, ධනපති ඩ්‍රැක්‍යුලල අපේ මිනිස්සුන්ගේ සාරය උරා බොන වෙලාවක, කෙටියෙන් ,ඉක්මනට ඔවුන් අතරට යන ප්‍රකාශනයක් කවියෙන් දෙන්න, ඒක හින්ද මං කෙටි කවියට ටිකක් ලව්. හැබැයි මේ කවියෙන් මට මගෙ පංතිය හුරතල් කරන්න ඕන නෑ. කියවලා මාර ශෝක් කවියක්නෙ" කියල කියවගෙන , මිනිස්සු අන්ධ කරන්න මට ඕනි නෑ. මං ප්‍රැක්ටිස් කරන්නෙ අපේ උන්ට පොඩ්ඩක් හිතවන්න පුරුදු කරන්න.

තැන්නේ හාමුදුරුවන්ගේ කවි විවේචනාත්මකයි , දේශපාලනිකයි ඒ වගේම ක්‍රම විරෝධියි , ඔබ හිතනවද කවිය දේශපාලනික කිරීමෙන් හෝ කවිය විවේචනාත්මක කිරීමෙන් නිද්‍රාශීලි සමාජය අවදි කරන්න පුළුවන් වෙයි කියලා?

ඒක කරල බලන්න එපැයි. ඒ කොටස ඉදිරියෙදි බලමුකෝ.

 "වවුල් බෙට්ටකින් උපන් බෝධියකි නිල්වන් පාටින් දළුලන.." "කරන්ට් ගියා පිරිත් නැවතුණා බණ ඕෆ් වුණා බුදු රැස් නිව්නා..." " සූකර පාලක මඩ කසල සෝධක ආසිරි වාදක" වැනි බොහෝ කවි තියනවා මේ කවි පොත් දෙකේ, මේ රචනා වලින් සිංහල බෞද්ධ ඇවතුම් පැවතුම් වලට තදින් පහර දෙනවා .එහෙම කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය මොකක්ද ?

ප්‍රතිඵලය භයානක වෙන්නත් පුළුවන්. ඒත් මං කල්පනා කරන්නෙ ඔය අපිව අන්දන ගිජු ලිහිණියන්ට බිජු දාන්න ඉඩ දෙන කලාව අහවර කරන්න කාලෙ හරි. මගෙ කවි වලින් කාට හරි රිදෙනව නම් රිදිච්චදෙන්. මට ධනපතියො රකින , උන්ගෙ පස්ස ලොවන උන් එක්ක ලව් එකක් නෑ. මට මගේ දුප්පත්, අසරන අපේ පැලැන්තියෙ උන් මේ ගතකරන ජීවිතය , ලබා උපන් හැටි, අකුසලේ පෙර පින , දේව කැමැත්ත නෙවෙයි කියල පෙන්නන්නයි ඕනි. ඒක කොච්චර මාරාන්තික උනත් මං කරනවා.

 "සුදු මැණිකේ" සහ "ගංගාවි" කවි පොත් දෙකේන්උපුටා ගත් කවි කිහිපයක් 

ගංගාවි

පිරුවාණා පොත් වහන්සේ

ධනපතියන්ගෙ
පාලකයන්ගෙ
හූරාකන්නන්ගෙ
මන්දිරවලට
සෙත් පතන්න වඩිනගමන්..
උන්ගෙන් වුණු
තුන්බිය දුරලන්න
අපේ පැල්කොටේටත්
වඩිනවද මෙත් සිතින්..

බඩගින්නටම යි

පැහිච්ච ගෙඩි නෑ
ගහ ම තරුණයි
ගැටයක් කෑවෙ
බඩගින්නටම ය

දුප්පත් පෝසත්

බඩගිණි
හා
ලැම්බෝගිණි
අතර දුර

සුදු මැණිකේ

අලූත් මෛත්‍රී භාවනාව

මම නිදුක් වෙම්වා
මුස්ලිම් තමිල් අය හැර
බෞද්ධ සියලූ සත්වයෝ
නිදුක් වෙත්වා
නිවන් දකිත්වාෟ

මිනිස් සොහොන් - 01
(වකුගඩු රෝගය ගැන ආණ්ඩුවේ නිහැ`ඩියාවට*

හදවත් නැති උන්ට
වකුගඩු ගැන කුමට.......

අරුත

‘‘ආදරෙයි’’ ඔයත් කියනව
‘‘ආදරෙයි’’ මාත් කියනව
ඒ තේරුම මට එකක්
ඔයාට තව එකක්

Add comment


Security code
Refresh