26
Thu, Apr

විශේෂාංග

රට තුල නිර්මානය කරමින් පවතින ජාතීන් අතර බෙිදීම ඉබෙි ඇති වුවක් නොවන බව අප මනාව තේරුමි ගත යුතුය. ජාතික හා ජාත්‍යත්තර වශයෙන් ගැටුමි ඇතිවූ සෑම අවස්ථාවකම එය කුමක් හො කණඩායමකගේ හෝ ජාත්‍යන්තර සමාගමක ව්‍යාපෘතියක කෙටසක් ලෙස ඇති වුවකි.

උදා හරණ ලෙස 1947ට පෙර ඉංදියාවෙි පංජාබි ප‍්‍රාන්තය තුල මුස්ලිමි කොලහාල ඇති කිරීම තුලින් වාසිය සලසා ගත් එංගලන්ත ආණ්ඩුව එහි ජාතිවාදී ප‍්‍රශ්ණය පමණක් ඉතිරි කර සොබාවික සමිපත් විශාල වශයෙන් මංකොල්ලා කන ලදී. ඉරාකය ,ඉරාණය, ගාසතීරයේ නෙනිමෙන යුද්ධය ඇමරිකාවෙි ආර්ථිකය ශක්තිමත් කරන අතර එම රටවල තෙල් වලින් අඩකට සමාන අයිතිය පවරා ගැනීමටද මෙි වන විට ඇමරිකාවට හැකී වී තීබෙි.

මෙි වන විට දැවැන්ත ලෝක බැංකු ව්‍යාපෘති ගණනාවක් අපරට තුල ක‍්‍රීයාත්මක වෙිමින් ඇත. ඒ සදහා අවශ්‍ය ඉඩමි පවරා ගැනීම හා මංකොල්ල කෑම විශාල වශයෙන් සිදුවෙිමින් පවති. සොබාවික සමිපත් මංකොල්ලා කෑම ,ජලය අයිතිය බහු ජාතික සමාගමි වලට විකිණිම, වැවි හා ගංගා බදු දීම, උතුරු හා උතුරු මැද වාරි ඇල ව්‍යාපෘතිය හා ජාතික භෙෘති සෑළසුමි ක‍්‍රියාත්මක කිරීම වැනි ව්‍යාපෘති නිසා ඉඩමි අහිමිවන ජනතාව රජයට එරේහිව සහ මෙම ව්‍යාපෘති වලට එරේහිව තැන් තැන් වල නැගී සිටිමින් ඇත.එවැනි නැගී සිටිමි වැලක්වීමට හා ව්‍යාපාති සාධාරණිකරණය කර ගැනීමට තවකෙකු අල්ලා ගැනීම හො තවත් ජාතියකට එරේහිව නැගී සිටිමට මිනිසුන් පෙළබවීම තුලින් ,ජාති් එකිනෙකා ගැටෙන විට සියලු ස්භාවික සමිපත් සූරාකැමට අවශව නිදහස රජය විසින් සකසා ගන්නව පමණක නොව , සොබාදහම නසන සැබෑ සතුරා වෙනුවට ලගම මිතුරා සතුරා ලෙස සමාජය අවබොධ කර ගනී.

 අද වන විට රජයන් විසින් සිදුකරණ තක්කඩිකමි වසා දමන්නට හෝ සැබෑ අරගලයන් යටපත් කිරීමටත් එය එලෙස සිදුවන්නට හැකිය.

සොබාදහම සමිබන්ධ විෂ්වීය තෙරුමි ගැනීමනමි ගස් වැල් " සතා සිවි පාවා" ඇල දෙළ අයිති කිසිදු ආගමකට හෝ ජාතියකට නොවෙි. එවා අයිති සොබාදහමට බවය .ගසක් නිෂ්පාදනය කරන් ඔක්සිජන් වාතය බෙිදාදෙන්නේ ජාති හෝ ආගමිවදයත් පංති සමාජයත් නොසලකමිනි. සෝබාදහමෙි සෑම අංගයක්ම එලෙසය. බෝගහ බෙෘද්ධයන්ගේ හෝ කෙසෙල් ගස හින්දූන්ගේ නොව ඒවා ඔහුනොවුන්ගේ සංකෘතික ලක්ෂණයන් පමණයි .

එක් සත්ත්ව කොට්ඨාසයකින් හෝ ශාක විශේෂයකින් පරිසර තුලනය කළ නොහැකි සේම එක් ජනවර්ගයකින් සමාජය තුලනය කළ නොහැක එමනිසා ජෛව විවිධත්වය පිළිගන්නේ නම් එය ආරක්ෂා විය යුතු බව අදහන්නේ නම් සමාජයේ ජනවර්ගවල විවිධත්වය ද පිළිගත යුතුය. ජනවර්ග විවිධත්වය නිසා ඔවුනොවුන් අරගල කර ගැනීමෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හෝ පරිසර විනාශය වැළැක්වීම කළ නොහැකිය. එමනිසා අප විරුද්ධ විය යුත්තේ අප අසල සිටින මුස්ලිම්ල "දමිළ හෝ අනෙකුත් ජනයාට එරෙහිව නොවේ. එසේ එරෙහි වීමෙන් සිදුවන්නේ පරිසරය නසන සංහාරකයා අප සියල්ලම විනාශ කරමින් රටේ පරිසර සම්පතත් විනාශ කිරීමය.

අනෙක් අතින් අප තෙරුමි ගත යුත්තේ පරිසර ප්රශ්නය යනු පරිසරයේ ප්රශ්නයක් නොවන බවයි. එය මෙම සමාජ ආර්ථික දේශපාලන සංදර්බයේ ගැටඨ වල ප්රතිපලයකි . එසේනමි අප පිළිතුරු සෙවිය යුත්තේ අප ජිවත් වන සමාජයේ දියත්වන අර්බුද කාරි ආර්ථික දේශපාලන හා සමාජප්රශ්නයට පිළිතුරක් මිස වෙන කිසිවක් නොවෙ.

පවතින හා පැවති සැම ආණ්ඩුවක්ම සමපත් සුරා කැම හෝ සූරාකෑමට වෙනත් අයට ඉඩදීම යන්න සමාජයේ ප්‍රශ්නකාරී ස්භාවයක් ලෙස පැන නගින සෑම මොහොතකම එම පරිසරික අර්බුදය ජාතිවාදී හෝ ආගමිවාදී තැන්වල ගැටගසන ලදී. උදා විල්පත්තු වන නිනාශය සමබන්ධ ගැටළු ව නිර්මාණය වුයේ ජාතික හෙෘතික සැළස්ම ක්රියාත්මත කිරීම සදහා ඉඩමි ලබාගැනීමත් කැලෑ එළි කිරීමත් නිසාය. නමුත් රජයට එන විරෝධය වලක්වා ලීම සදහා එය මුස්ලිමි ප්රශ්නයක් බවට පරිවර්ථනය කරන ලදී. මහින්ද රාජපක්ෂ ආණුඩුවත්, මෛත්රීගේ ආණඩුවත් දෙකම සිදුකලේ මෙම ක්රීයාjuh. මෙය එක් නිදසුනක් පමණි. මෙවන් නිදසුන් සියය ගණනක් ඇතුව මෙන්ම අප මෙය තෙරුමිගන්නා තාක්කල් එවන දේ ඇතිවිය හැකිය.

තවත් එක් උදාහරණයක් ගතහොත් ලංකාවෙි වකුගඩු රෝගයට හේතුව අබිරහස්ක් හෝ නාථදෙවියන් කෝප වීමක් නොවන බව වඩා පැහැදීලිය .ලෝක සෙෘක්ය සංවිධානය 2010 වසරේ සිය පර්යේෂණ නියාමනයන් වල එය වඩා පැහැදිලිව පෙන්වා දී ඇත . බැරලෝහ ජලයට මුසුවූයේ කුඔුරු හා ගොවිතැන් වලට යෙදූ වස වලිනි. එය දේව ශාපයක් නොවනවා සේම සහල් වල ආසනික් ඇති බවට පර්යේෂන තහවුරු කරනු ලැබුවෙි නථ දෙවියන්ගේ කෙරුවාවක ප්රතිපලයක් වශයෙන්ද නොව.

නමුත් එය නථදෙවියන්ගේ හාස්කමක් ලෙෂ හුවා දැක්වු විශ්ව විද්යාල මාහාචාර්ය වරුත් වැනි තවත් පිරිසුත් වකුගඩු රෝගය නිසා මිනිසුන් මැරි මැරී යනවත් සමගම රජරටින් නැගෙන්නට පටන් ගත් ආණ්ඩු විරෝධය යටපත් කලේ සිනීගම දේවාලයේ පොල් ගැසීමෙනි. ඔහුන් පවා එය හොදින් දැනුවත් වී සිදුකල එකකි. තවමත් රජරට වකුගඩු රෝගය එලෙසමය. නමුත් ජනතා විරෝධය යටපත්ව ගොස් රජයන්ගේ හා කොමිපැණි කරුවන්ගේ අවශ්යතාව ඉටුවී ඇත.

අනෙක් අතින් පරිසර ප්රශ්නයද එලෙසය, පරිසර ප්රශ්නය හෝ එහි ඉගැන්වීමි අපි ජාතියකට හො ් ආගමකට කොටුකල විට සැම දිනම තාවකාලික ජයක්ග්‍රහණයක් හා සදාකාලික පරාජයක් මෙි මහපොළවට අත්වීම වලකාලිය නොහැකිය.

ජාතිවාදීන් ලෙස හෝ ආගමි වාදීන් ලෙස මැදිහත් වීමෙන් මෙරට පරිසර ප්රශ්නය විසඳිය හැකිද ? ජෛව විවිධත්වය තුළින් පරිසරය පොහොසත් කරන බව අප කාටත් කියා දිය යුතු නැත. නමුත් එය හොඳටම දන්නා මිනිසුන් පවා සමාජයේ විවිධත්වයට පහර එල්ල කරති. ඵරිසර ප්රශ්නය ආගමි වලට කොටු කරති.
සොබාදහමෙි සියලු සංඝටක මකුළු දැලක්සේ එකින් එකට බැදී ඇතගඑක් සංඝටකයක විනාශයක් අනෙකට කෙසේ හෝ බලපාණු ලබයි. උදාහරණයක් ලෙස මී මැස්සන් වදවීයාම ආහර නිෂ්පාදනයට බලපාන්නසෛ් එය නිමක් නැති බලපෑමිවලින් පූර්ණවෙි. එලෙසම සමාජයේ ජාති හො ආගමිවාදී ප්රශ්නයද පරිසර සංරක්ෂණය කරනවා විණා වෙනත් විවිධ ගැටළු රාශියක ආරමිබයක් වෙි .

මෙරට විශාලම පරිසර ඝාතනය සිදුවූයේ වසර 30 පැවති යුද්ධයෙන්ය. ඵරිසරයට ආදරය කරනවානමි සමස්ථ පරිසරයේ සෑම අංගයක්ම විනාශ කරන යුද්ධයන් ඇති වීම වැලැක්විමටකටයුතු කල යුතුය .සිංහළයාට ,දෙමළාට, මුසල්මානුවාට මහ පොළව ආරක්ෂා කිරිම ගැන නැවත ඉගැන්විය යුතුසේම ඔහුන්ට පරිසරය විනාශය වෙනුවෙන් හෝ ජනසමාජයේ අසාධාරණයන්ට එරෙහි වීමට තිබෙින ඉඩකඩ ජාති ආගමි වාදී බැමි මගින් අප අහුරා ල්ිය යුතු නොවෙි . අප සමාජය හො පරිසර සංවිධාන මෙි සියල්ල තෙරුමි ගන්නා තාක්කල් සහ ඇතැමි කූට ව්යාපෘති ක්රියාත්මක වීමට ඉඩදෙන තාක්කල් අප රටෙිහි පරිසර වීනාශය අපට වලක්වා ගත නොහැකිය.

එම නිසා දීර්ඝ සටහන තවත් වසරකට කල් දමමින් මෙම කෙටි සටහන තැබුවෙි මෙරට මහපොළව හා සොබාදම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සයලුදේනාගේම එක්වීමේ අවශයතාව පෙන්වාදීමටත් ,පරිසර බෙිරාගැනීමෙි අරගලය වඩා යහපත් තැනකය ගැනීමටය. කිසිවෙකු මෙව පුද්ගලික ගැටළුවක් බවට පත්කර නොගන්න. සැබෑ ජනතා ජයග්රහණය වෙනුවෙන් අප පෙළගැසෙමු.

රවින්ද්‍ර කාරියවසම්

Add comment


Security code
Refresh