22
Mon, Jan

විශේෂාංග

මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමේ අරගලයෙ එක් පරිච්ජේදයක් අවසන්ව ඇත බව  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයනිවේදනයන් නිකුත් කරමින් කියා සිටියි . පහත පල වන්නේ එම නිවේදනයයි .

2008 වර්ෂයේ මාළඹේ සයිටම් හොර උපාධි කඩය ආරම්භක මොහොතේ පටන් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ඊට එරෙහි අරගලය ආරම්භ විය. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සයිටම් අහෝසි කරනු යන සටන් පාඨය සහිතව මෙම අරගලයට ප‍්‍රෙවිශ වූයේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය යන්න අයිතියක් ලෙස පැවතිය යුතුය යන පදනමේ සිටය. එනම් අධ්‍යාපනය, සෞඛ්‍යය වෙළ`ද භාණ්ඩයක් නොවිය යුතුය යන පදනමේ සිටය.නමුත් සයිටම් යනු පසුගිය ආණ්ඩුව සේම රනිල් මෛත‍්‍රි හවුල් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වූ අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීමේ ප‍්‍රතිපත්ති සුජාතකරණය කිරීම ස`දහා ගෙන ආ ප‍්‍රමුඛ ව්‍යාපෘතියකි.

ඒ අනුව සාකච්ජා සභා, සම්මන්ත‍්‍රණ, උද්ඝෝෂණ, පාගමන්, පෙත්සම්, බැනර් අත්සන් කිරීම් අඛණ්ඩ සත්‍යග‍්‍රහ, අඛණ්ඩ උපවාස ඇතු`ඵ ක‍්‍රියාමාර්ග ගණනාවක් හරහා මීට එරෙහි අඛණ්ඩ විරෝධතා ආරම්භ විය. නමුත් දිගින් දිගටම ආණ්ඩුවේ ප‍්‍රතිචාරය බවට පත්වූයේ සයිටම් අහෝසි කිරීම කිසිලෙසකවත් සිදුනොවන බවත් තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ප‍්‍රතිපත්තිය බවත්ය.

ඒ අනුව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ගෙන ආ අරගලය වඩාත් තීව‍්‍ර කරමින් රජයේ වෛද්‍ය පීඨ සිසු සිසුවියන් අඛණ්ඩ පන්ති වර්ජන ක‍්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කෙරිණ. උද්ඝෝෂණ, පාගමන්වලට ආණ්ඩුව සිදු කල පහරදීම්, අත්අඩංගුවට ගැනීම් ,අධිකරණ නියෝග හරහා ආණ්ඩුවේ මර්දනයටද මුහුණ දීමටද ශිෂ්‍ය ව්‍යාපාරයට සිදුවිය. එසේම අවස්ථා ගණනාවකදී ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් සිරගත කෙරිණ. මෙකී සිය`ඵ තත්වයන් මධ්‍යයේ සයිටම් විරෝධී අරගලය වඩාත් පු`ඵල් කරමින් අනෙකුත් සිය`ඵ බලවේග ඒකාබද්ධ කරගනිමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය නිර්මාණ විය. ඒ අනුව වෛද්‍යවරුන් , ගුරුවරුන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක‍්‍රියාකාරීන් ,දේශපාලන පක්ෂ පවා ඒ සටන වටා ඒකරාශී වෙමින් සයිටම් අහෝසි කලයුතු බව අවධාරණය කෙරිණ.

වරින් වර සංකේතාත්්මකව ගන්නා ලද වැඩවර්ජන ක‍්‍රියාමාර්ග හරහාද සටන ඉදිරියට ගමන් කළද ආණ්ඩුවේ ප‍්‍රතිචාර හෝ සාකච්ජා ඵල රහිත විය. ඒ අනුව මෙම සටනේ ඉතා තීරණාත්මක පියවරක් ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් මාරාන්තික උපවාස ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කොට පසුගිය නොවැම්බර් 06 වෙනිදා එය කොළඹදී ආරම්භ කරන ලදී.

මෙම ක‍්‍රියාමාර්ග පු`ඵල් වීමත් සම`ගම රජයේ විවිධ විස`දුම් සම`ග යෝජනා ඉදිරිපත් වූ අතර පසුගිය ඔක්තෝබර් 29 වන දා ඉදිරිපත් කළ යෝජනා අවසන් විස`දුම් බවටද ප‍්‍රකාශයට පත්කෙරිණ. එම යෝජනා ඉදිරිපත් කෙරුණේ ජනාධිපතිවරයා පත්කළ හර්ෂද සිල්වා ඇමැතිවරයාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ මත පදනම් වෙමිනි. නමුත් ඒ යෝජනා සියල්ල සලකා බැලූ විට පැහැදිලි වන්නේ ආණ්ඩුව සයිටම් ගැට`ඵව පාවිච්චි කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි. එම නිසා එම යෝජනා ස`දහා අපගේ එක`ගතාවයක් නොමැති බව දන්වමින් දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාස ක‍්‍රියාමාර්ගය ආරම්භ විය.මෙම ක‍්‍රියාමාර්ගයත් සම`ග නැවත හර්ෂද සිල්වා කමිටුව හරහා විස`දුම් යෝජනා ආණඩුවෙන් ඉදිරිපත් වූ අතර ඒ අනුව එසේ ඉදිරිපත් වූ යෝජනා වූයේ සයිටම් ආයතනය අහෝසි කිරීම, සයිටම් ආයතනයේ දැනට සිටින සිසුන් සම්බන්ධව ජනාධිපති පත්කරන ලද කමිටුව හරහා තීරණයක් ගැනීම හා විශ්වවිද්‍යාල පනතට අනුව නීති කටයුතු සිදකිරීමටයි. නමුත් මෙම යෝජනා ස`දහාද එක`ග වීමට නොහැකි තත්වයක් මතුවූයේ එම යෝජනා ඉදිරිපත් වූයේ ඔක්තෝබර් 29 ඉදිරිපත් කළ යෝජනාවලියට යටත්ව වීමයි.

අවසානයේදී මේ සම්බන්ධයෙන් හර්ෂද සිල්වා අමාත්‍යවරයා සම`ග පැවැති සාකච්ජාවේදී මෙම කරුණු සම්බන්ධයෙන් අප ඉදිරිපත් කල ගැට`ඵ සහගත තත්වයන් ස`දහා රජයෙන් ලැබුණු ප‍්‍රතිචාරයන් මෙසේය. එනම් සයිටම් ආයතනයට සිසුන් බ`දවා ගැනීම සිථිර ලෙස නවතා දමා ඇති බවත් ඒ හරහා සයිටම් ආයතනය අහෝසි කිරීමට කටයුතු කරන බවත්ය .එය ලිඛිතව ලබා දී ඇත. අනෙක් කාරණය වූයේ සයිටම් ආයතනයේ සිසුන් පාවිච්චි කරමින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට ආරම්භ කරන ආයතනය හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධවයි. වාචික පොරොන්දුවක් ලබා දෙමින් අමාත්‍යවරයා ස`දහන් කළේ එසේ ආරම්භ කරන ව්‍යුහය සයිටම් සිසුන්ට පමණක් අදාළ වන අතර ඉන්පසු අහෝසි වී යන බවයි. මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ යෝජනා වූයේ අලූතෙන් ආරම්භ කිරීමට යෝජිත රජයේ වෛද්‍ය පීඨයකට මොවුන් සම්බන්ධ කරන ලෙසයි. නමුත් එම යෝජනාව තවදුරටත් සාකච්ජා කිරීම ස`දහා අදාල කමිටුවට ඉදිරිපත් කල යුතු බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කරන ලදී.

අවසානයේ ඉහත සයිටම් අහෝසි කිරීමට ලබා දී ඇති ලිඛිත පොරොන්දුව හා නව ආයතනයක් හෝ ව්‍යුහයක් පිහිටුවනු ලබන්නේ සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම ස`දහා පමණක්ම යන වාචික පොරොන්දුවක් මත අනෙක් බලවේගවල පොදු ඉල්ලීම මත මාරාන්තික උපවාස ක‍්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කරන ලදී. මෙසේ මාරාන්තික උපවාස ක‍්‍රියාමාර්ගය අවසන් කෙරුණේ මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ පාර්ශවයෙන් නැවතත් එක`ගතාවයන් බිදින්නේ නම් සටන් කළ පාර්ශව එක්ව නැවත අරගලයට ප‍්‍රවේශ වීමේ එක`ගතාවය ඇතිවය.

එසේම කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති අඛණ්ඩ උපවාස ක‍්‍රියාමාර්ගය අවසන් කීරීමට තීරණය කෙරුණේද ඉහත එක`ගතාවයන් මතය. ඒ අනුව සයිටම් අහෝසි කිරීමේ අරගලයේ එක් පරිච්ජේදයක් පමණක් මෙලෙස අවසන් වී ඇති අතර ආණ්ඩුවේ එක`ගතාවයන් ක‍්‍රියාත්මක කිරීමට බල කෙරෙන හා අධ්‍යාපනය විකීණීමට එරෙහි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට එරෙහි අරගලය අඛණ්ඩට ඉදිරියට ගමන් කරනු ඇත.

කෙසේ වුවත් ආණ්ඩුවේ මේ එක`ගතා සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපට පූර්ණ විශ්වාශයක් තැබිය නොහැකිය. එම නිසා සයිටම් විරෝධී අරගලය පූර්ණ ජයග‍්‍රහණයක් දක්වා ගෙන යෑමට මෙතෙක් ක‍්‍රියාමාර්ග ගෙන ආ තලයෙන් වෙනස්ව ඉදිරි ක‍්‍රියාමාර්ග පවත්වා ගෙන යාමට අප තීරණය කරඇත. එම නිසා සයිටම් විරෝධි අරගලයේ පූර්ණ ජයග‍්‍රහණය ලබා ගැනීම ස`දහා නැවත සංවිධානාත්මකව පෙළගැසෙන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරන සහෝදර සහෝදරියන්ගෙන් හා සටන් කරන බලවේගවලින් ඉල්ලා සිටිමු.

Add comment


Security code
Refresh