ගල්බෝරේ... ගල්බෝරේ ...ගල්බෝරේ ...
හඬ ඇහුණා බණ්ඩාරෙගෙ ගල්කොරියේ
සංසාරේ දිග මදිවී වෙඩි නූලේ
පය පැටලී නුඹ වැටුනා හිටිඅඩියේ
කෑඳැත්තොත් දැන් ඉගිල ගිහිං
නෑදෑයොත් යති පිට පාරෙන්
රෑ බඩගින්නේ අඳුර ඇවිත්
යාලත්තක් යට හෙළන සුසුම්. .
වැව් ඉස්මත්තෙන් හඳ ඇවිදින්
ගල මුදුනේ කරනා විපරම්
ඉස්සර නුඹ කී සින්දු හොයනවලු
හදාගන්නෙ හිත කෝම ඉතිං..
සංසාරේ දිග මදිවී වෙඩි නූලේ
අපිටම තමා තුන්සරණෙත් මග හැරුණේ
නයනසේන වන්නිනායක