22
Sun, Oct

පුවත්

ඉකුත් 10වන දා SAITM අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා පා ගමනට එල්ල කරන ලද ම්ලේච්ඡ පොලිස් පහර දීමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද(11) දින සැත්කමකට භාජනය කිරීමට නියමිතව ඇත.

රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ වුවමනාව මත පොලිසිය විසින් ජාත්‍යන්තර අවම නීතීන් පවා උල්ලංගනය කරමින් විරෝධතාකරුවන් ඉලක්කකර සෘජුව කදුළු ගෑස් උණ්ඩ වලින් පහර දීම් හේතුවෙන් බරපතල තුවල සිදුව තිබූ ලේකම්වරයා ඇතුළු 10 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබුණි.

දුමින්ද නාගමුවගේ මුහුණට වැදුණු ගෑස් කැනිස්ටරයක් හේතුවෙන් එම ප්‍රදේශයේ අස්ථි බීදීමක් සිදුව ඇති බවත් ඒ හේතුවෙන් මෙම සැත්කම සිදු කරන බවත් වෛද්‍යවරුන් පවසයි.

අදාළ විරෝධතාවය විසුරුවාහැරීමට බව පවසමින් පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එල්ල කරන ලද කඳුළු ගෑස් බාවිතයට කිසිසේත් සුදුසු නොවන අධික විෂ සහිත කල් ඉකුත් වූ කාණ්ඩයක් බවද හෙළිව තිබුණි. මින් පෙර අවස්ථා ගණනාවකදීම මෙලෙස කල් ඉකුත් වූ කඳුළු ගෑස් වලින් විරෝධතාකරුවන්ට පොලිසිය පහර දී තිබුණි.

පසුගිය 10වන දා පහර දීමට බාවිත කළ කල් ඉකුත් වූ ගෑස් කැනිස්ටරයක්.

Add comment


Security code
Refresh