22
Sun, Oct

පුවත්

"දෙමළ දේශපාලන සිරකරුවන්" නිදහස් කරන ලෙස ඉල්ලා සඳුදා (ඔක් 09) යාපනයේදී යළි විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
ඒ සඳහා යාපනයේ දේශපාලන නායකයෝ, සිවිල් ක්‍රියාධරයෝ හා සිරකරුවන්ගේ ඥාතීහු ද එක්ව සිටියහ.

මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දෙමළ සිරකරුවන් තිදෙනෙකු තමන් සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

දැනට සති දෙකක පමණ සිට උපවාසයේ යෙදුණ ද තවමත් ඊට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඉරිදා (ඔක් 08) එම සිරකරුවන් මුණ ගැසුණු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් මාධ්‍යයට පැවසීය.

වව්නියාව අධිකරණයේ විභාග කෙරුණු තම නඩු අනුරාධපුර අධිකරණයට මාරු කිරීමට උත්සාහයක් පවතින බවත් ඊට තමන් විරෝධය පල කරන බවත් උපවාසයේ නිරත සිරකරුවෝ පවසයි.

1971 සහ 1988 - 89 කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට පොදු සමාව ලබා දුන්නා සේම මේ වන විට වසර ගණනාවක් අත්අඩංගුවේ පසුවන "දෙමළ දේශපාලන සිරකරුවන්" 160 දෙනාට ද පොදු සමාව දිය යුතු බවත් විරෝධතා කරුවන් පවසයි

Add comment


Security code
Refresh