22
Mon, Jan

දේශීය පරිසරවිනාශය

සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් මහතා සැප්තැම්බර් 3 වනදා ප්‍රංශයේ ප්‍රන්ට්‍රියාහී පැවති චයාරුප ප්‍රදර්ශනයකට සහබාගි වූ අතර එහිදී ලංකාවේ වකුගඩු රෝගය පිළිබද සම්මන්ත්‍රණයකට සහබාගි වීමට ඔහුට අවස්තාව ලැබුන .

එහිදී හෙළි වූ කරුණු වලට අනුව වසංගතයක් සේ පැතිර යන වකුගඩු රෝගයේ සැබෑ තතු සගවන්නටආණ්ඩුව විවිධ සංවිධාන සමඟ එකතුවී කටයුතු කරන්නේද යන්න පිළිබදව සැක මතුවී තිබේ . ඊට අදාලව රවින්ද්‍ර කාරියවසම් මහතා සමඟ විවර කල සච්ජ්ජාව පහත පළවේ .

ඔබ පසුගිය දවස් වල සහභාගී වූ සමුළුව ගැන සඳහන් කලොත් ?
පසුගිය දිනවල ප්‍රංශයේ ප්‍රන්ට්‍රියා පවැති වීසා කියන ජාත්‍යන්තර චයාරුප ප්‍රදර්ශනයට සහභාගී වීමේ අවස්තාව මට ලැබුණා . ඒකෙ එක ප්‍රදර්ශනයක සාකච්චාවක් විදිහට ප්‍රදර්ශයෙන් පිටත සංවිධානයක් වන කෝප් 66 එහෙමත් නැත්නම් වස විස විරෝධී එකතුව කියන කණ්ඩායම විසින් තමයි මෙම අවස්තාව සංවිධානය කරලා තිබ්බේ. පැට්ට්‍රියා කියන නගරයේ තමයි ඒක පැවතුනේ. එහිදී මේ ගැන ලෝකය පුරා පර්යේෂණය කරන පර්යේෂකයින් චායා රුප ශිල්පීන් වගේ බොහෝ දෙනෙක් සහභාගී වෙලා හිටිය.

මේ සමුළුවට සහබාගි වූ රටවල් මොනවද ?
ඇත්තටම මේ සමුළුවට සවැඩිපුර සහභාගී වුනේ යුරෝපීය රටවල් වල නියෝජිතයන් . ඇතැමෙක් ඇහුව ඇයි යුරෝපීයන්ට පමණක් වැඩි අවස්තාව ලැබිලා කළු ජාතිකයන්ට මෙවැනි අවස්ථා විවර නොවෙන්නේ කියල. යුරෝපීය ජාතිකයන් සහ ඇමරිකානු ජාතිකයන් තමයි බොහෝ විට එහි වැඩසසටහන් වලට දායක වෙනවා දැක්කේ.

වකුගඩු රෝගය ගැන කතා කල අනිත් නියෝජිතයා ලංකාවේ තත්ත්වය සම්බන්දව දැරුවේ මොනවගේ අදහසක්ද ?චායාරූප ප්‍රදර්සනයක් තුළ වකුගඩු රෝගය පිළිබදව කතා කරන්න ලැබුනේ කොහොමද ?
මෙතන චයාරුප පහලවක් පමණ තිබුන ලංකාවේ වකුගඩු රෝග ගැන චයාරුපගත කෙරුණු චායා රූප පහලවක් සහ කෙටි චිත්‍රපටයක්. එක් කසී කියන කෙටි චිත්‍රපට ශිල්පිය සහ චායා රුප ශිල්පිය තමයි එම කෙටි චිත්‍රපට සහ චායා රුප නිර්මාණය කරලා තිබ්බේ. ඇමරිකාවේ ලයිස්ලා කියල පදනමක් තමයි මේකට අනුග්‍රහය දක්වල තිබ්බේ.

ඔවුන්ගේ අදහස වුනේ මිනිස්සු ජලය පාවිච්චි කරන්නේ නැති නිසා නිර්මාණය වන වකුගඩු රෝගයක් කියන එක. ඔවුන් ඒකට ලෝකේ පුරා පර්යේෂණ කරලා පවසන්නේ , බ්‍රසීලය එක්ව්දෝරය සැල්වදෝර් වගේ සීනි කර්මාන්ත ශලා මුලික කරගෙන කරපු පර්යේෂණ වලින් මිනිස්සු වතුර පානය නොකිරීමත් සමඟ එවැනි රටවල් වල එම තත්වය ඇතිවුනා වගේම තමයි ලංකාවෙත් එම තත්වය ඇතිවෙලා තියෙන්නේ කියල.ලංකාවේදී ඔවුන් පර්යේෂණ කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා .

ඔබ කියන්නේ වකුගඩු රෝගයේ සැබෑ හේතුව සගවන්න මෙවැනි සංවිධාන සමග ආණ්ඩුව කටයුතු කරනවා කියලද?
මෙහිදී මම පරයෙෂනාත්මක නොවන වකුගඩු රෝගය පිළිබඳව විද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මකව පැහැදිලි කළා. වතුර නොබීම ගැන කිව්වට මෙහෙට අදාලව වහ සහ පෝර සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මෙහෙ තියෙන්නේ. නමුත් ඔවුන් කියන්නේ ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාශය සමඟ වතුර සාම්පල් 10000 පර්යේෂණය කල බව. එහෙම පර්යේෂණයක් කලානම් ඔවුන් ඒ ගැන ලංකාව දැනුවත් කරන්න ඕනි. මම කියන්නේ ඔවුන් එහෙම නිල ලෙස කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්වද නැද්ද කියල මේ රටේ බලධාරීන් කියන්න ඕනි . මොකද මෙහි වාසිය යන්නේ වහ පොහොර සමාගම් වලට.

වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්ණය අද රටේ බරපතල ප්‍රශ්ණයක් බවට පත්වෙලා තියනවා ,පරිසර වේදියෙක් විදිහට මේ ගැටළුව විසදන්න හැකි පිළිතුරක් ඔබ දකිනවද ?
ඒ වගේම ලංකාවේ 1978 මහවැලි කේන්ද්‍ර වැඩසටහන ආරම්භ කලාට පස්සේ ඒ ආශ්‍රිතව ඇතිවුණු හරිත විප්ලවයත් එක්ක තමයි භාස්මා පොහොර භාවිතයත් එක්ක තමයි ලංකාවේ ලංකාවට කල්නියම් මොකරික් කියන අම්ලය එකතුවුනේ. එම ජලය භාවිතා කිරීම නිසා තමයි හැටදාහකට අධික ලංකාවේ වකුගඩු රෝගීන් නිර්මාණය වුනේ. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවනම් දීර්ඝකාලීන සහ කෙටි කාලීන කියන පියවරයන් දෙකක් අවශ්‍ය වෙනවා. කෙටි කාලීන පියවර තමයි ඔවුන්ගේ ලේ පිරිපහදු කරන්න අවශ්‍ය කරන පහසුකම් සැපයීම. දෙවැනි පියවර තමයි මහපොළොවට එකතු වෙලා තියෙන වස ඉවත් කිරීමට පියවර සකස් කිරීම. ඒ සියල්ල කරන්න කලින් ලංකාවේ වහ පොහොර භාවිතය නවත්වන්න වෙනවා. ඒ වෙනුවට පරිසර හිත්කාමී වගාවන් ක්‍රම ආරම්භ කරන්න වෙනවා. වසර හැටක ඉතිහාසය තුල තමයි මේ සියල්ල විනාශ කලේ . එය කරන්න රජය ලාභය උදෙසා සමාගම් වලට අවශ්‍යය කරන ක්‍රියා කාරකම් වලට එළබෙන්නේ නැතුව පරිසර හිතකාම් ව්‍යාපෘති වලට එළඹෙන එක.

IMG 8335.resized

IMG 8338.resized

Add comment


Security code
Refresh