22
Mon, Jan

විශේෂාංග

වැලිකඩ ඝාතනය සම්බන්දයෙන් කලකට ඉහත අවස්තාවක මා දැක්වූ අදහසකට පරලවූ කසුන් පුස්ඇල්ල ගාලකාඩාගත් මී හරකෙකුලෙස හැසිරුනේය.මීට දිනකීපයකට ඉහතදීද මාගේ නම සදහන් කරම මෙකි පුද්ගලයා බහු බූතයක් බුකියේ කොතැනකද දමා ඇතිබව මිතුරෙකු මා හට අද දැනුම් දුන්හ. මාගේ සිරගත ජීවිතය මෙන්න වැලිකඩ ඝාතනය සම්බන්දව පුස් ඇල්ල මට එල්ල කෙරුනු චෝදනා එල්ල කොට තිබුනත් තඹ සතේකට මට ඒවා අදාලම නැත. නමුත් මොඩයෙක් මෙන් ඔහු නොදන්නා යටගියාවක් අවුස්සන්නේ නම් මා එයට පිලිතුරක් ලියා තැබිය යුතුය.කිසි එකෙකුගෙ මරනයක් හෝ සිද්දියක් හෝ අවමයෙන් දෙමල ජනතාව විකුනා හො රට පැන නැත.වැලිකඩ ඝාතනය සිදුවූ අවස්තාවේ මා කාලේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය කෙනෙක් වෙතොත් සුදේශ් නන්දිමාල් ගෙනුත් එවක බන්දනාගාර අදිකාරිගෙනුත් අසා දැනගත හැක.එතනින් එහාට මා වැලිකඩ ඝාතනයට එරෙහිව කල කී දෑ කිසිවක් කියන්නට අවශ්‍යද නැත.බඩපිනුන් ගහන්නටද උවමනාවක් නැත.

වැලිකඩ ඝාතනය විකුනා රට පැන ඇත්තේ කවුදැයි තව නොබෝ කලකින් අපට දැන ගත හැක.සියල්ල දිනෙක ආපසු හැරෙනු ඇත.කන්න ඕන වෙලාවට කබරගොයත් තලගොයා කරගන්නා නරුමයන් ගැන දැනගන්න වැඩිකාලයක් ගත නොවනු ඇත..ගසනා ගේම් නොදන්නවා සේ ඉන්නවා විනා එය අනවබෝදයකින් නොවන බවද කියා සිටිය යුතුය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික පුන්ඩ සමාජවාදී ජනරජයේ ස්වාදින කොමිසන් සභා හෝ අදිකරන ඉදිරිපිට සාක්කි දී මාගේ කොන්ද පරික්ශා කරගනීමට කිසිදු අවශ්‍යතාවයක් මා හට නොමැත.කොමිශන් සභා පත්කිරීමට පෙර එවක පොලිස්පතිට නීතීඥයෙකු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකශයක් මගින් වැලිකඩ ඝාතනයේ තොරතුරු හා සාක්ශි ඉදිරිපත් කොට ඇත.එවා ප්‍රයෝජනයට ගැනීම නොගැනීම මා සතු කර්‍ර්‍යක් නොවන්නේය.ආන්ඩු වලට අවශ්‍ය මොහොතට උඩ දමා යටගසන මිනිස් සංහාරයක මා ජෝකර් කෙනෙකු විය යුතු නැත.එම ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති පදම් සාක්ශි හා තොරතුරු මීට වසර ගනනකට පෙර සිටම අපරාද පරීක්ශන දෙපාර්තුමේන්තුව සතුව ඇත.අවශ්‍යව ඇත්තේ ආන්ඩුවට දේශපාලනික තීන්දුවක් ගැනීම පමනි.ඒ වැලිකඩ ඝාතකයන් නීතිය ඉස්සරහට ගේනවාද නැද්ද පමනි.ඒ සදහා දේශපාලන තීන්දුවක් ගැනීමට රජය පෙලඹවීමට කල යුත්තේ කුමක්දැයි උස්සා පොලෙවෙ ගසා කීමට අව්ශය නැත.

මා රටේ නීතිය පිලිබදව විස්වාස කරනෙක් නොවන අතර එසේ විස්වාස කරනවානම් මා හට හිරගෙදර අවුරුදු 08 ක් තපින්නට සිදුනොවන්නටද ඉඩ තිබුනි. මාගේ කොන්ද සහ සියලු අවයව ගැන ශ්‍රීලංකා ත්‍රස්ත විමර්ශන කොඨ්ටාශයෙනුත්,අපරාද විමර්ශන කොඨ්ටාශයෙනුත්, හොදින් පරීක්ශාකල බලා මාස 06ක් බූස්සේ රැදවුම් කදවුරේ තප්පවා පසුව වසර 08 ක කාලය තුල අලුත්කඩේ,යපනය, ගම්පහ පූගොඩ යන උසාවී වල නග්ගවා පසුව නිදොස් කොටම නිදහස් කර එලියට දමන ලදි.නඩු හබ වලින්ද නිදහස ලබන්නේ මා ඇතුලු මාත් ස්මග සිරබත් කෑ සගයන්ගේ ස්ව උත්සාහයෙන් වන අතර 71 එකේ කැරැල්ලේ සාමාජිකයන් කිහිපදෙනෙකුත් බහූ සහෝදරයා හා රුකි සහෝදරයා චන්ද්‍රපාල කුමාරගේ මහතා සේනක පෙරේරා යන අය සැලකියයුතු මැදිහත් වීමක් අප වෙනුවෙන් ඉටු කරන ලදි. 


මින් පෙරද අපගේ නිදහස උදේසා අප කල දෑ සමහරක් විසින් විවේචනයට ලක් කර අතර නන්දිමාල් සිල්වාට සංශෝදිත චෝදනා පත්‍රයකින් අදිකරනයේ දඩයකට යටත්ව නිදහස ලබා එලියට යාම අපගේ දේශපාලන අරමුනු පවාදීමක් ලෙසද එකතරා මාධ්‍ය පකීර් කෙනෙක් එකලද අදහස් පල කරන්න්ට විය.මාද්‍ය පකීර්ලා හිතන්නේ අපි උන්ගේ ප්‍රොජෙක්ට වල රෑකඩ වී ජීවත් විය යුතු බවයි.මාද්‍ය පකීර්ලාට අමතකව යන කරුන වන්නේ එම ප්‍රොජෙක්ට් යනු තව කෙනෙකුගේ අගාදයක් බවයි. එවායේ රහ සහ ගැඹුර පරතරය නොවිමසන තක්කඩින් අතර එය විමසාබලන අතලොස්සක් මාධ්‍ය වේදීන් නිසා වෙන් තම වුර්තීය ගවුරවය හෝ රැකී තිබෙන තක්කඩියන් දන්නේ නැත.බන්දනාගාරයෙන් පිටතට පා තැබීමේ අරමුනින් ගත් ක්‍රියා මාර්ග හා පොදු හිරකරුවාගේ යහපතට අප කල බොහෝ දෑ ගැන දන්නේ ඉතා අතලොස්සක්‍ පමනි. හිරේ යාම උත්කර්ශයක් ලෙස මා නොසලකන අතරම යම් දේශපාලන අරමුනක් වෙනුවෙන් එක් දිනක් හෝ අත් අඩංගුවට පත්වීම සහ කාලාන්තරයක් සිරබත් කන්නට සිදුවීමේ බරබතල තත්වයන්ට මුහුන නොදුන් පාන්ඩුවන්ගේ කතා අසන්නටද මා සුදානම් නැත.එකල පුස් ඇල්ලලා කොළඹට හෝ පය ගසා නැති බැවින් ඉහත අතීතයේ සිදුවීම් ගැන අවබෝධයක් ඇතැයි මා නොසිතමි..

පුස්වැල්ල පවසන ආකාරයට මම විඩියෝ හෝ කිසිවක් අලෙවි කිරීමට උත්සහයක් දරා ඇත්ත්නම් එවා ප්‍රසිද්දියේ ඔප්පුකර පෙන්වන ලෙස මා කියාසිටින්න්නෙමි. බැලුම්ගල මීහරක් හා සමන්ගමගේ ගානට වැටී කියන්නම දෙයක් නැති කමට කුප්ප කතා කීමෙන් වලකින ලෙස මා නැවත මතක් කරන්නෙමි. යමෙකුගේ අදහස් දැක්වීමක් ඉවසිය නොහැකිව අම්බරුවන් සේ හැසිරීම හා ඕනෑම මොහොතක අතට අසුවන ඕනෑම දේකින් ගසා පොර වීමේ අරමුනින් කිසිදු වගවිභාගයක් නොමැතිව මිනිසුන්ට කඩා පැනීමේ පුස් ඇල්ලාගේ මාද්‍ය සධාචාරය කුමක්ද?.

වැලිකඩ ඝාතනයේ බිලි බොයිස් නාකොටික් රංගජීව තලවතුගොඩ හාවි රෙස්ටුරට් එකට ඩිෆෙන්ඩර් 02 කින් 15 වක පිරිසක් සමග අවි අයුද සන්නදව කඩා පැන කුමක්ද සිදුවුයේ කියා තුශාර එන් දස්කොන් සුපුන් විශවබුද්දි හා උදුල් ගෙන් දැනගන්නා ලෙස මම පුස්වැල්ලට යොජනාකරන අතර නිකන් එහෙමන් මෙහන් අහුලාගත් කේලම් එකතුකොට ලිපි ලියු පමනින් මිනිසුන් ගැන තීරනවලට නොඑලඹෙන ලෙසද කියන්නට උවමානය.එදා එම කාරනාව පොලිස් පැමිනිල්ලක් දක්වා හෝ නොගියේ ඇයිදැයි දස්කොන් සහෝදරයාගෙන්ම පුස්සාට අසා දැනගත හැක.
එක එකාගේ දේශපාලන උවමනාවන් සහ ඩීල් වලට මිනිස් ඝාතන විකුනනවාට අකමැත්තෙන් මා සමහර උදවියගේ ව්‍යාප්ෘති වලට සහයෝගය නොදැක්වූ කරනාව නම් සත්‍යක්‍ ය. ඒ ගැන දැනගැනීමට අව්ශ්‍ය නම් ෆිල්ම් ප්‍රොඩක්ශන් ෆීල්ඩ් එකේ ගයාන් දේශප්‍රිය හෝ නිශාන්ත ප්‍රියදර්ශනගෙන් දැනගත හැක.එ එක එකාට බියේ නොවන අතර ඇට්ටකුනා උනු හොරතක්කඩින්ට මුදල් හම්බ කරන ඉල්ලම් තනා දෙන්නට මට උවමනාවක් නැති නිසාය.ජනක මනුවර්නට ඩොකුයුම්න්ට්‍ර්යක් කිරීමට මා තොරතුරු ලබා දුන් අතර ඒ මනුවර්න කලකට ඉහත දන්නා පුද්ගලයෙකු බවත් තක්කඩියෙකු නොවනබවත් දන්නා හෙයිනි.එය අසාර්තක වීමට හේතුව උදුල්ගෙන්ම අසාගත හැක.මහිංද රාජපක්ශ සමයෙහි වැලිකඩ ඝාතනය ගැන ලිපියක් දෙකක් ලියනවාට වඩා බොහො අසිරු කාරනා බොහො පිරිස් අතින් ඉටුවී ඇත.ඒවා නොකෙරුනා නම් අද වැලිකඩ ඝාතනයට නව කොමිසමක් හෝ පත්වන්නේ නොමැත.සමාජ ව්‍යාප්ෘති වල අවසාන ජ්‍යග්‍රහනයේදි පියවරු දහසක් සිටින අතර එවිට බොහෝ අයට බොහෝ දේ මගහැරේ.

වැලිකඩ ඝාතනයේදී සිංහල කොටි ටික බෙරුනේ කෙසේදැයි වැලිකඩ ඝාතනයේ ප්‍රදාන සාක්ශිකරුගෙන්ම අසා කැමති කෙනෙකුට අසා ගත හැක.පුස්වැල්ල, උලපනේ හොර ඝනයා හා තමුන්ලා මෙන් එකතුවී මයික් ඉස්සරහ නටන්නටත් තොවිලයක් මට ඉතිරිවී නැත. අපි එදා වැලිකඩ ඝාතනය උලපනේලා විකුනන්න්නට සැරෙන බව කී කතාව විස්වාස නොකොට මාද්‍ය සාකච්චාවට තමුන්ගේ පැමිනීම ගැන අප කනගාටු උනෙමු.තමුන් දන්නවා කියා හිතාගෙන ඉන්න දේවල් තාම හරි තරාදියකින් කිරා මැන නොමැති බව මගේ වැටහීමයි.එහෙම නැතිනම් ඒ තමුන්ලාගේ තක්ක්ඩි කමයි.මීඩියා නොව මොන පකිර්ලාද වුවද මට මොකාත් එකය. මනුස්සකමට පුක හරි හොදන අතර පොර ටොක් ඉශූ කරන්න එනවා නම් ඒවාට පිලිතුරු දීමේ කිසි ගැටලුවක්ද නැත.පුස් වැල්ල කියන පරිදි රට පනින්න්ට අවශ්‍ය නම් අප නඩුවේ කිසිවකුට දේශපාලන කන්ඩායමකට සම්බන්ද වන්නට අවශ්‍ය තාවයක් නැත.අද පුස්වැල්ල මට කියන කතාව හෙට නන්දිමාල්ට සේනකට ජීවිත තර්ජනයකදි රටින් බැහැර වුවහොත් බොහෝ මීඩියා කාරයන් මඩගැසීමට භාවිතා කරනු ඇත.එය ලාංකීය කැනහිලුන්ගේ හැටිය.එක ගොඩේ වැටී සිටින තාක් හා තම අරමුන වෙනුවෙන් පමනක් ජීවත්වන මිනිසුන් ගැන මට අත් දැකීම් එමටය.කලක අප එහි ගොදුරු බවට පත්වන විට බොහෝ පරක්කු වැඩිය.පසුව එය ජීවිතය හා අරගලය දෙස නව මානයකින් බලන්නට ආලෝකයක් විය. අද්‍යාපන කටයුතු සහ ජිවිතයේ බොහෝ වගවියයුතු දෑ පවා බිල්ලට දමමින් අව්‍යාජව කටයුතුකල මා ඇතුලු බොහෝ පිරිසකට අප කන්ඩායමේ වැඩ කටයුතු සම්බන්දයෙන් සියල්ලලටම වගවිය නොහැකි වූවත් පොදුවේ එහි අඩුපාඩු සම්බන්දයෙන් මා බැහැර වන්නේ නැත. අප කන්ඩායම යනු කුමක් අරභයා කුමන අරමුනකින් වැඩ කලේද යන්න හෙලි කලයුතු කාලය දැනටමත් පරක්කුය.හැම කපුටාටම වර්චස් කර යන වාරයක් පසා පිලිතුරු දිමට වඩා එය වැදගත්‍ ය.කවි පොත් ගහන මොල සෙනෙවිලාත් ඒවාට විචාර ලියන්නනුත් හා අනෙකුත් සහෝදරවරුත් පෙර කල යුතුව තිබෙන්නෙ සමාජයට අපභ්‍රන්සයක් වී ඇති සිංහල දෙමල තරුනයන් සමාජයට සිංහල කොටි වීම දක්වා ගමන ස්වයන් විවේචනාත්මකව පෙරට ගෙන ඒමයි.

දෙමලාට උතුරේ කෙලවෙන්නට නෙලනට විට අප ඊට එරෙහිව එක් පසෙකින් දෙපයින් සිටගත්තෙමු.එහි ක්‍ර්මවේදයන්ගේ වැරදි අඩුපාඩු මත හෝ අප ඒ මොහොතේ කර නැරියෙමු. එහෙත් එය ආසාර්තක නමුත් මා එහි ප්‍රතිපල සහ වගකීම හිරගෙදරෛන් තාරපාරට බහින තුරුත් අදටත් රකිමි.ඒ නිසා අතීතයේද ඔවැනිම පොර ටෝක් ඉශූ කරමින් සිටි චන්ඩි එදා කැල කඩාගෙන හැන්ගුන හැටි මා අත් දැක ඇත්තෙමි.එකලද බහුතරයක් සිතා සිටියේ සිංහල කොටි පිරිසෙන් කිහිප දෙනෙකුට හෝ යලි කිසිදිනෙක තාර පාරක් පාගන්නට නොහැකි වනු ඇති බවයි.

හිරගෙදරින් වසර අටකට පසු මොලා මම නිහාල් 20014 එලියට බහිද්දී දෙශපාලන පම්පොරික් ගැසූ බොහෝ පිරිස් රටින් පලා ගොස් පිටුවහලේ ජිවිත ගෙවමින් සිටින ලදි.එකල රටින් පලා ගිය මාද්‍ය වේදින්ට රටට එන්නට පලමුව ඇරයුම්කොට ඔවුන් මවුබිමට නෙන්නේ නම් පලමු ගල ඔවුන්ට ගසා දෙවනියට කැමැති ගලක් මට ගසන්නැයි පුස්වැල්ලට මම යොජනාකරමි.මට ඇවැසි නම් මා යුරෝපයට නොව සෝමාලියාව ඉතියෝපියාවට හෝ යනවාය. ඒක මගේ පුද්ගලික අයිතිය වන අතර ඒ සදහා මට මුදල් තිබේනම් තමන්ට තමන් විසින් උපයාගත් යමක් තිබේ නම් එවා විකුනා දැමීමට මට කාගේවත් ඇඩ්වයිස් අව්ශ්‍යද නොමැත.

මේ මොහොත වන විටත් වැලිකඩ ඝාතනය පමනක් නොව සිංහල කොටින් විකුනා දේශපාලන රැකවරන ලබන අය යුරෝපයේ කොපමන සිටිනවාදැයි පිටුවහලේ ජීවත්වන අයගේ හර්දසාක්කිය දන්නවා ඇත. යුරෝපයට පැමිනි දේශපාලන රැකවරන ලාබියකු තම ප්‍රරවැසි භාවයක් ලබාගැනීමෙන් තොරව ලංකාවට ආවනම් ඒ කවුරුන්දැයි නම් කරන ලෙස පුස්සාට මම යොජනා කරමි. දැන් නෙමෙයි එදත් යුරෝපයට පැන්නේ බුහුතරයකට ප්‍රශ්න නොතිබුන අය බව කවුරුත් දන්නා කාරනාවකි.කිහිප පොලක් ඇරෙන්නට ලංකාවේ ප්‍රශ්නයක් තිබුන අයද අද යුරෝපෙට පැනල ජීවත් වෙන්නෙ කියන ප්‍රශ්නය කාටත් විවුර්තය.ගෝඨාභයලා නිකන් නිකරුනේ ගොබ්බ හරක් මැරුවේ වත් අත් අඩ්ංගුවට ගත්තේ වත් නැත.

අපි සිංහල කොටි නමින් ලේබල් කරේ ඔබතුමාලගේ නීච මාද්‍ය සනුහරේ ඇත්තොමය .අපේ නඩුවේ ලංකාවේ ජීවත්වෙන අයගේ දරුවොන්ට පාසලක අධ්‍යාපනය ලබන්න බැරි තත්වයක් උදාකාරේ පාදඩ මාද්‍ය වේදියොමය.එකල රාවයේ පුවත්පතින් පවා අපව කරැණා පාර්ශවයේ ප්‍රිසක් බවට ලේබල් කර ලිපි ලියා තිබුනි.අනික් පුවත් පත් ගැන කතාකර වැඩක්ම නැත.ඒ නිසා අපට මාධ්‍ය වේදින් හා මාධ්‍ය කාරයන් අතර වෙනස අලුත් අත්දැකීමක් නෙවන්නේය.එකල ඊට එරෙහිව කොන්දක් ඇතිව යමක් කතාකරේ අතේ ඇගිලිගානටත් අඩුපිරිසකි. මිනිස්සුන්ට දේවල් නොසොය නොබල කාලකන්නි කතා කියන්න කලින් පුස්වැල්ල ලොකු ගලක් අරගෙන් පුලුවන් තරන් උඩට විසිකරල ඔලුව අල්ල ගත්තානම් මීට වඩා හොදය.තමුන් මට වැලිකඩ නෙමෙයි මොන ලබ්බක් ගැන මොන මගුල කරත් ප්‍රශ්නයක් නැත.මා එක්දිනක ඔබට යම් කරුනක් පහදා දෙන්නට උත්සහා කරා පමනි. එහිදි සිදුවු වචන හුවමාරුව ද්වේශසහගත ආකාරයෙන් පටලවා ගත යුතු නැත.වැලිකඩ ඝාතනය චිත්‍රකතාවක් නොකොට එය සමාජය තුල ජෝක් එකක් වනවාට මාතුල තිබු අකමත්ත මා පුද්ගලිකව පෙන්වා දුන්නා පමනි.ඒ මා ද එම ඝාතනය සිදුවන අවස්තාවේ එයට ජීවිත අවදානමකට මුහුන දුන් පුද්ගලයෙකු නිසාවෙනි.කවුරුන් හෝ වැලිකඩ ඝාතනය හෙලි කිරිමට කටයුතු කලා නම් මා කිසිදා එය අවඤාවට ලක්කරනෙකු නොවන්නේය.

අවසාන වශයෙන් මාගේ දේශපාලන සගයා වන නන්දිමාල්ට හා සේනකට වුව මා හට කීමට ඇත්තේ වැලිකඩ ඝාතකයන් උඹලාගේ නිවෙස් වලට වෙඩි තැබුවාට වඩා ලංකාවේ වෙසෙන බොහොමයක් තක්කඩින් හා මීඩියා ඇම්බැට්ටයන් හා ආන්ඩු කරන උනුත් වැඩිපුර ආස උඹලගේ පපුවට වෙඩි තියනවාටය. මීඩියා කාරයන්ට අව්ශ්‍ය කුනුය.ලේ විලවල්‍ ය ,විනාශයන්‍ ය , තවත් නෙත් ෆ්ම් නාලිකා විනා අතේ අගිලි ගානටත් අඩු මිනිසුන් මාධ්‍ය වේදී කමේ යෙදෙන අතර ඔවුන් කවුදැයි මට වඩා හොදට ඔබලා දන්නා බව මා විස්වාස කරමි.එදා වැලිකඩදී උබත් මමත් අහවල් නිලදාරියා බේරා නොගන්නට අද ඉන්නේ වල පල්ලෙය.එසේ වූවා නම් මුන් අප මල මිනියටවත් කරගසන්නට මුන් එකෙක් හෝ එන්නේ නැත.සිදුවිය හැක්කේ පොල් ගෙඩි අකුරෙන් පත්තර වල දැක ගත හැකි එකම වැකිය "සිංහල කොටි වැලිකඩ කැරැල්ලේ පෙරමුන ගනී" යනුවෙන් මඩ ගසන්නට එකපෙලට සිට ගැනීම පමනි.

පවතින කසඩ දේශපාලන තත්වය තුල වැලිකඩ ඝාතනය අපරාධයක් යක් බව අද තිබෙන මට්ටමට ජනතාව තුලට කඩා වැදුනේ අකුරුවලින්ම පමනක් යැයි සිතන විස්වාස කරන මැට්ටන්ගේ යුගය පසු කොට මිනිසුන් බොහො දුර ගොස් ඇති බවද මොලේ කලදක් ඇති මිනිසුන්ට අවබෝධවනු ඇත.වැලිකඩ ඝාතනයට එරෙහි පියවරු දැන් ඕනෑ තරම් බිහිවනු ඇත.

පුස්වැල්ල, තමුන් අනුන්ගේ කොදු ගැන සොයන්නට පෙර කොහේ හෝ තැනක මගේ නම සදහන් කර යමක් ලියා ඇත්තනම් කරුනාකර එය ඉවත් කරන්න කටයුතු කරන්න.ප්‍රශ්නයක් ඇත්නම් තැන් තැන් වල චීත්ත වැඩ නොකොට මට ඇමතුමක් දෙන්න.දුරකතන අංකය නන්දිමාල්ගෙන් හෝ සේනක පෙරේරාගෙන් ලබාගන්න.

සහන් හේවා දලුගොඩ 

Add comment


Security code
Refresh