26
Thu, Apr

විශේෂාංග

'ට්‍රාන්ස්ජෙන්ඩර්' එහෙම නැත්නං 'සංක්‍රාන්ති ලිංගිකයන්' කියන්නෙ මානව අයිතිවාසිකම් හිමිවන - අතිශය අහිංසක 'මනුස්ස කොට්ටාසයක්.'

ඔවුන් හුස්ම ගන්නව. ප්‍රේම කරනව. හීන දකිනව. හිනාවෙනව. අඬනව. රණ්ඩු වෙනව. සුළු මොහොතකින් ආයෙමත් සිප වැළඳ ගන්නව.

ලංකාව කියන්නෙ අතිශය සුන්දර රටක් ! හැබැයි අතිශය තුච්ඡ ගෝත්‍රිකයො මිනී මස් කන බිමක් !

දඹුල්ල නගරයෙ කාන්තා ඇඳුම් අඳින තරුණයෙක් මරා දමන්න තරං මෙහි 'රහසින්වත් පව් නොකරන උපාසකයන්' කටයුතු කරනව. ගල් ගහනව. පොලු පහර දෙනව. නිව්ස් දානව. ඒක 'මාර වීරකමක්' කියල හිතනව.
පිරිමින්ට ගැහැනුන්ට වගේම මේ 'සංක්‍රාන්ති ජීවිත' වලටත් 'රයිට්ස් සහ එතික්ස්' කියන දේවල් හිමිවෙනව. මෙහෙ ඉන්න බහුතර ගෝත්‍රිකයො ලෝකය සහ මානව අයිතිවාසිකම් ගැන අංශු මාත්‍රයක්වත් දන්නෙ නැහැ.
මට පුපුරු ගහන ඇස් වලින් කියන්න තියෙන්නෙ මෙච්චරයි. එසේ සුපින්වතුන් අතින් පහර කා මිය ගිය 'ආදරණීය මිනිස් ශරීරය' නැවත ඉපදීමක් තියෙනව නං 'කැනඩාව' වගේ රටක ඉපදෙන්න ඕනි. මොකද ඒ වගේ 'මනුසත් රටවල පාර්ලිමන්ට් එකේ හා මිලිටරි සේවයේ පවා බහුතරය 'සංක්‍රාන්ති ලිංගික බුද්ධිමතුන් !! '

කසුන් මහේන්ද්‍ර හීනටිගල

Add comment


Security code
Refresh