23
Tue, Jan

දේශපාලන

අපිට තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරීත්වය සම්බන්ධයෙන් විවේචන , නමුත් ඒවා ජනතා විමුක්ති පෙරමුණට එරෙහි විවේචන නෙවෙයි .ඒවා පක්ෂයට මිතුරු විවේචන .ඒ විවේචන  පිළිගන්න රෝහණ විජේවීර කැමති වුනේ නැහැ .

71 අරගලයට අදාලව මම මගේ විවේචනය ලිඛිතව පිටු පනහක පමණ ලියවිල්ලක් රෝහණ සහෝදරයාට ඉදිරිපත් කළා   . ඊට පිළිතුරක් වත් එවුවේ නැහැ .පසුව ආරංචිවුනා පොඩි දිසා ද්‍රෝහීන් ගොඩට එකතු වූ බවට තීරණය කළා කියලා .

ජනතා විමුක්ති පෙරමුණ අපේ ජනතා සංගමයේ සහෝදර වරුන් දාසයක් ඝාතනය කෙරුවා . ඒ හැමෝම ද්‍රෝහීන් සේ සලකළා තමයි ඝාතනය කෙරුවේ .

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක නොහොත් (පොඩි දිසා)  සහෝදරයා ඉහත අදහස් පළකරන්නේ 2017 ජුලි 09 වනදා විවර ගුවන්විදුලියේ සතියේ දේශපාලන සාකච්ඡාවට එක් වූ අවස්ථාවේදීයි .හේමමාලි විජේසිංහ සහෝදරියද එම සාකච්ඡාවට එක්වූ අතර ඇය වසන්ත දිසානායක සහෝදරයාගේ ආදරණීය බිරිද වනවා. එකළ ඇය ජනතා විමුක්ති පෙරමුණ තුළ  කොම්රෙඩ්  ජුලියට් නම් විය .

Add comment


Security code
Refresh