24
Wed, Jan

දේශීය පරිසරවිනාශය

උමා ඔය ව්‍යාපෘතිය ඉහළ ඌවේ සංස්කෘතික හා පුරා විද්‍යා උරුමයන් ගිල ගන්නවා බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩ හා පුරාවිද්‍යා ස්මාරක, ආගමික ස්ථාන 21 ක් විනාශයි.

උමා ඔය විනාශකාරී ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩ පුරා විද්‍ය ස්මාරක හා ආගමික ස්ථාන 23 කට මේ වන විට හානි සිදුව තිබේ.  බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැනි කිසිදු ආයතනය අවධානය ඉහළ ඌවේ විනාශය අවම කර ගැනීම සදහා හෝ මේ දක්වාම යොමුවී නැත.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් උමා ඔය සම්බන්ධයෙන් 2010 නොවැම්බර් මස සිදුකල පරිසර ඇගයීම් වාර්තාවේ පුරා විද්‍යාව හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණ සියල්ල මේ වන විට ප්‍ර‍ලාප බවට පත්වී ඇත.  බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ආගමික හා පුරා විද්‍යා ස්ථාන 21             ක් මේ වන විට පුපුරා යමින්, විනාශයට පත්වෙමින් තිබේ.  උමා ඔය පරිසර වාර්තාව සකස් කළ වත්මන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ශාන්ත බන්දුල මණ්ඩාවල මහතා ඉහළ ඌවේ සංස්කෘතික විනාශය වසන් කිරීමට උත්සහ දරයි.  පසුගිය දින 3 ක සිට අස්ගිරි විහාරයට අයත් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය (මහ පන්සල) බුදු පිළිමය, පිළිම ගෙය හා සිතුවම් ද පිපිරීම් හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇත.

බදුල්ල ප්‍ර‍මුඛතව පුරා විද්‍යා මධ්‍යස්ථායක් වන දෝව රජ මහා විහාරය, බුදු පිළිම, උමං, වලගම්බා ලිද, දිය උල්පත මේ වන විට සිදී ගොස් ඇත.  බණ්ඩාරවෙල -බදුල්ල මාර්ගය දෝව පන්සල ඉදිරිපිට ස්ථාන දෙකකින් පුපුරා ගොස් ඇත. එලැඹෙන ඊසාන දිග මෝසම්  වැස්සෙන් දෝව ඓතිහාසික පන්සල හා පුරා වස්තු විනාශ විය හැකිය.
 
හානියට පත්ව ඇති අප විසින් තහවුරු කොට ගෙන ඇති හානියට පත් විහාරස්ථාන මෙසේය.
 
වටගමුව විමලගිරි විහාරය
එගොඩගම සුමනාශ්‍ර‍මය
කුරුදුගොල්ල විදර්ශනාරාමය
මකුල්ඇල්ල පුරාණ විහාරය
හීල්ඔය පුරාණ විහාරය
කිරිඔරුව ආනන්දාරාමය
බණ්ඩාරවෙල පිරිවෙන                                         
බදුණුවැව පන්සල
පල්ලතොට ඇල්ල පන්සල
අම්පිටිය භික්ෂු ආරාමය
දික්කාපිටිය මැද පන්සල
දික්කාපිටිය පිරිවෙන
කුරුකුදේ පන්සල
දිගනතැන්න පන්සල
 
අස්ගිරි විහාරයට අයත් ඇත්තලපිටිය ඛෙත්තාරාමය, අමුණුදෝව රත්නායක මුදලින්දාරාමය, උළුගල රජ මහා විහාරය, දෝව පන්සල,  බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරමය ද එක් වූ විට බෞද්ධ විහාර 20 ක් ද, එක් මුස්ලිම් දේවස්ථානයක් ද විනාශයට පත්වෙමින් ඇති ස්ථාන වෙති.
 
බුදු දහම ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම පිළිබද සංවාදයක් ඇතිව ඇති පරිසරයක උඩරට අමරපුර නිකායට අයත් ප්‍ර‍මුඛ විහාරස්ථාන 13 ක් මේ වන විට පුපුරා ගොස් ඇත.  නමුත්, ඉහළ ඌවේ විහාරස්ථාන විනාශවීම කිසිදු පාර්ශවයක අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණකි.  
 
ඉහළ ඌව සංස්කෘතික හා පුරා විද්‍යා උරුමයන් රැක ගැනීම සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය වහා යොමු විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය හා කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2

3

 

Add comment


Security code
Refresh