සයිටම් විරෝධී ,සිසු මර්ධනයට එරෙහි උද්ගෝෂණයක් ඊයේ මිලානෝ සන්ත අගෝස්තීනෝ පොළ අසලදී පවත්වනු ලැබුවා . පත්රිකා බෙදමින් ජනතාව දැනුවත්කිරීමේ කටයුතු සිදුවූ අතර මාවතින රාජ්ය මර්ධනයට එරෙහිව රෝමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙත සංදේශයක් බාරදීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතයි .
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා .ඒවගේම ඊයේ විරෝධතාවයට සමගාමිව ඉතාලියේ ප්රධාන නගර වල පෝස්ටර් ගසමින් ලාංකිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද දියත් විය .
අද ජුලි 9 වනදා ෆර්මා නගරයේ පවත්වන Festa Multiculturale හිදී ඉතාලි ජනතාව දැනුවත් කිරීමේ සහ සයිටම් විරෝධී ,සිසු මර්ධනයට එරෙහි අත්සන් එකතු කිරීමට නියමිතයි .