27
Fri, Apr

එංගලන්තය

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය මර්දනයට සහ අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් බහුජන සංවිධාන එක්ව ලංඩනයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට පෙත්සමක් භාරදීමට උත්සහ කළ අවස්ථාවේ මහකොමසාරිස් කාර්යාල බලධාරීන් විසින් එය වලකා ඇත.
 
විරෝධතාවයට සභාගි වූ සංවිධාන වල එක් නියෝජිතයා බැගින් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් තානාධිපති කාර්යාලයේ බලධාරීන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා ඇතත් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කොට ඇත.  ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ දෙදෙනෙකුට පමණක් ඇතුළුවීමට අවසර දිය හැකි බවත් චයරුප ගැනීම තහනම් බවත්ත්ය.
 
බ්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිල වශයෙන් නියෝජනය කරන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය තම රටේ ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් මෙසේ නොතකා හරිම පිලිබදව රැස්ව සිටි බොහෝ දෙනෙක් තම විරෝධය හා කෝපය පල කළේය.
මෙම අවස්ථාවට සභාගි වූ බ්‍රතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතවරිය කියා සිටියේ මෙය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් තම රටේ ශිෂ්‍යන් වෙනුවෙන් හඩනගන ජනතාව තානාධිපති බලධාරීන් විසින් ත්‍රස්තවාදීන් ලෙස බැහැර කිරීම පිළිකුල් සහගත බවයි.
 
සයිටම් විරෝධී සිසු ජන සංවිධානයේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට  බ්‍රතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය, බ්‍රතාන්‍යයේ සමාජවාදී පක්ෂය සහ socialist fight සංවිධානය ඇතුළු පිරිසක් සාභාගී විය.

Add comment


Security code
Refresh