26
Thu, Apr

සිනමාව

ලංකාවේ වාර්ගික අර්බුදය අදින් තිස් වසකට ලඝු කළ ද , එහි පුරාණ කතාව සියවස් ගණනාවක් පුරාවට සහ, දේශ සිමා ගණනාවකගෙන් එහාට වුව ද ගෙන යා හැකිය. ඒ අර්ථයෙන් වත්මන් සිහිනයට ඇතුළු වුව හොත් , අප දකින්නේ මොනවා විය හැකි ද ?

පොදු මිනිස් සමාජයක් විශාල යාන්ත්‍රණයක් තුළ වේගවත් කරන ලද රූප සමුච්ඡයක් සේ ( Timelap ) කැරකෙන , සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් වෙත එබී බැලූ විටක පෙනෙන්නා සේ ;
එය අපුර්ව සිහිනයක් වනු ඇත.

ඉදින් ජූඩ් රත්නම්ගේ DEMONS IN PARADISE නිර්මාණාත්මක වාර්තා චිත්‍රපටය මෙවන් වූ ගැඹුරු සිහිනයක ට එබී බැලීමකි.

අද ඔහුගේ සිනමා පටය නැරඹීමෙන් පසු සිහියට නැගුන පළමු සිතුවිල්ල වුයේ ' දකුණේ ජිවත් වීමට සිදු වූ මිනිසුන් ලෙස අපි ; එක කන්දක සිට අනෙක් කන්දේ ගිනිකන්ද විදාරණය වී එය පුපුරා හැලෙන ආකාරය , ගිනි කන්දෙන් මෙහෙට විසිවෙන ලාවා පුළුඟු වලින් විටෙක පිලිස්සෙද්දී පවා , ගැලරි ආතල් ගනිමින් පිස්සු කෙලපු සෙට් එකක් ' බවයි.

ජූඩ් , මෙතෙක් ලංකාවේ සිනමාව ගොඩ නගමින් තිබූ පාලමට අලුත් කණුවක් එක් කළේ " DEMONS IN PARADISE " නමින් ය. ඒ අනුව නිර්මාණාත්මක වාර්තා චිත්‍රපට අංශය නියෝජනය කරමින් මෙවර ප්‍රංශයේ CANNES චිත්‍රපට උළෙලේ උක්ත ශානරය නියෝජනය කරමින් ; ශ්‍රී ලංකාවේ බයිස්කෝප් පාලමට ඔහු සිය කනුව එක් කරයි.

අනාගතයේ සිනමා හළක් තුළ DEMONS IN PARADISE ගැලරියේ සිට දකින්න ට සිහින දකින්නෙමි.
 
නූතන මානවයා 

Add comment


Security code
Refresh