27
Fri, Apr

චායා පුවත්

මේ පින්තූර පෙළ නන්දිකඩාල් කළපුව අසල කොටි ත්‍රස්තවාදීන් සොයන වීරෝදාර රණවිරුවන් නොවේ. මෙහි සිටින්නේ මහ බැංකුව හොරා කෑ මුදල ඉලක්කමින් ලියන්න පුළුල් තිරයකුත් මදියි කියා අනාවරණය වු මහ බැංකු හොරා සොයනා රණවිරුවන්ද නොවේ.

මේ සිටින්නේ සබීතාගේ හිස් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මසකට කෝටි ගණන් ගෙවන, නමුත් තවමත් ප්‍රයෝජනයට ගෙන නොමැති කෘෂිකර්ම ඇමැතිවරයා සොයන රණවිරුවන් නොවේ. මේ සිටින්නේ සාකච්ඡා කරන්නට එන්නැයි කියා ගෙන්වා ගෙන පසුව ඒ සාකච්ඡා හොර සාකච්ඡා ලෙස ප්‍රසිද්ධ කරන ජනාධිපතිවරයෙකු සොයනා රණවිරුවන් ද නොවේ. මේ සිටින්නේ එකී මෙකී නොකී දුක්විඳින මහජනතාව වෙනුවෙන් අප කැප වී සිටින රණවිරුවන් නොවේ.

මේ සිටින්නේ පාලකයාගේ අණ අනුව හෙට දිනයේදී අත්අඩංගුවට ගෙන, ඇටකටු තලා, විලංගු ලා, හිරේ දමන්නට අවැසි සිය දුර්තාන්ත පාලනයන්ට එරෙහිව මිනිසුන් නගා සිටුවීමට වෙර දරන මිනිසුන් සොයා වෙහෙසෙන රණවිරුවන් පිරිසකි. මේ වෙහෙසෙන්නේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව නැගී සිටින මිනිසුන් තෝරා බේරා ගෙන ඔවුන්ගේ මුණත්තහඩුව මර්දනය උදෙසා තමන්ට අණ දුන් පාලකයන් හමුවේ උජාරුවෙන් සැලියුට් ගසා, දෙකට තුනට නැමී පෙන්වන්න වෙහෙසෙන වීරෝදාර රණවිරුවන් පිරිසකි.

හැබැයි මෙතනත් ගැළුවක් තියෙනව. ඒ තමයි මේ නිලධාරීන් මේ රාජකාරිය කරන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියල අපි දන්නේ නෑ. හැබැයි මේ වැඩේ කරන්නේ හරිම උනන්දුවෙන්. මොකද මේ උනන්දුව නැතුව මේ වැඩේ අල කළොත් බැනුම් අහන්න වෙන්නේ මේ නිලදරුවන්ට විතරක් නෙමෙයි, ඔවුන් වදාපු, හදාපු අම්ම තාත්තටත් එක්කම. එහෙම බැලුවහම මේ නිල දරුවො කියන්නේ රූකඩ බොනික්කො විතරයිද?
මේ මගේ අදහසයි. දැන් ඉතින් රණවිරුවන්ට අපහාස කළැයි කියාගෙන වරෙවු මට තලන්න. හැබැයි අතිගරු මහතුනේ, ගලපා ගත යුතු එක් දෙයක් ඇත. උඹල වට වෙලා මට ගැහුවට වැඩක් නෑ. ගහපියවු ඔය කියන බෝනික්කන්ව එහෙට මෙහෙට කරන අමන හැතිකරේට. අන්න එදාට උඹල වීරයෝ.

Sajith Saranga FB පිටුවෙන්

2

3

4

5

Add comment


Security code
Refresh