26
Thu, Apr

පුවත්

බණ්ඩාරවෙල හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වන පිරිස්  බිදුණුවැව, තන්තිරිය, රෝහල අසල සිට දැවැන්ත පෙළපාලි ආරම්භ කිරීමට මේ වන විට සුදානම් වෙමින් සිටී.

බණ්ඩාරවෙල නගරය පුරා කළු කොඩි දමා ජනතාව හර්තාලයට සහභාගි වෙති.  බණ්ඩාරවෙල ව්‍යාපාරික සංගමය, තොග වෙළද සංගමය, පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය හර්තාලය සදහා සහාය පළ කරයි.  බණ්ඩාරවෙල නගරයේ සියළුම පාසල් හි සිසුන් පැමිණීය අවම මට්ටමක පවතී.  පුද්ගලික බස් ගමණාගමනය මේ වන විට නතර වී ඇත.

හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වලක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සදහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සදහා රජයේ අවධානය දිනා ගැනීම සදහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව  පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් බණ්ඩාරවෙල නගරයේ සිට.

1

2

4

19424541 1578958768794845 7923262576153234527 n

Add comment


Security code
Refresh