26
Thu, Apr

පුවත්

පසුගිය ජූනි 08 වැනි දින මුතුරාජවෙලට කොළඹ කසල කුණු බැහැර කිරීමට අදාලව පැන නැගී ඇති ගැටලූ සාකච්ඡා කිරීමට එහි ප‍්‍රදේශවාසීන් පිරිසක් අමාත්‍ය ජෝන් අමරතුංග මුණගැසී ඇත. එහිදී මාධ්‍ය වෙත අමාත්‍යවරයා කරුණු දක්වද්දී මාධ්‍යවේදීන් විසින් පරිසරයට කසල බැහැර කිරීමට අදාල ප‍්‍රශ්ණ කිහිපයක් අමාත්‍යවරයා වෙත යොමු කර ඇත. එම ප‍්‍රශ්ණ කිරීම හමුවේ උරණ වූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වන බෙනට් ෆර්ඩිනැන්ඩස් හා පේ‍්‍රමලාල් යන මාධ්‍යවේදීන්ට අශික්ෂ වචනයෙන් බැන තර්ජනය කර පහර දීමට උත්සාහ දරා ඇත.

මෙම අසීලාචාර ප‍්‍රතිචාරය හුදෙක් එම මාධ්‍යවේදීන්ට කරන ලද තර්ජනයන්ට වඩා ජනතාවට කරුණු දැන ගැනීමට ඇති අයිතියට කරන ලද තර්ජනයක් ලෙස අපි දකිමු. එම මාධ්‍ය වෙත කරන ලද තර්ජනයන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන හා පරිසර සංවිධාන  2017 ජූනි 15 වන දින එනම් හෙට දින දවල් 12.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇතිබව සදාහරිත පරිසර හා සුබසාධක සංගමය පවසයි .

Add comment


Security code
Refresh