21
Sat, Apr

පොත්

දීපච්චෙල්වන් ප්‍රදීපන් විසින් මෑතකදී “තමිලර් භූමි” (දෙමළාගේ භූමිය) නමින් කෘතියක් රචනා කළේය. එහෙත් එම කෘතිය තවමත් එළි දක්වා නැත.

මෙම කෘතිය මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාවේ “එදිර්” නම් ප්‍රකාශකයෝ වෙත යවන ලදී. එම ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කරන ලද කෘති දෙකක් සෝදුපත් බැලීම සඳහා ගුවන් තැපෑල් සේවාව මගින් කතුවරයා වෙත එවා තිබේ.

යාපනයේ පිහිටි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මගින් එම කෘතිය තාවකාලිකව වාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සංහිඳියාවට විරුද්ධ දැයි සොයා බැලිය යුතු බවත් එය සොයා බැලීමෙන් අනතුරුව පමණක් කතුවරයා වෙත කෘතිය ලබා දිය හැකි බවත් යාපනය රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා පවසා තිබේ.

ඉඩම් මංකොල්ලය හා දේශපාලන සම්බන්ධය, ඉතිහාසය මගින් මකා දැමු ඉඩම් වල සාක්ෂීන්, 2009 පසු උතුරු නැගෙනහිර රාජ්‍ය මිලිටරිමය පවරා ගැනීම් සහ එම පවරා ගැනීම් වෙනුවෙන් ජනතාව සිදු කළ මැදිහත්වීම (අරගලය) මෙම කෘතිය තුළ අන්තර්ගත වේ. එසේම එම ගැටළු හා සම්බන්ධ දේශපාලනය සහ ජනතාවගේ ආර්ථිකය පිලිබඳ තොරතුරුද එම කෘතිය තුළ සඳහන් වේ.

ඉවසා බලමු මෛත්‍රී - රනිල් යහපාලන රජයේ ප්‍රකාශන නිදහස

සිවලිංගම් අනුෂා

Add comment


Security code
Refresh