27
Fri, Apr

චායා පුවත්


ඉතා සීග්‍රයෙන්     සොභාදහමේ හැසිරීම් රටාවන් වෙනස් වෙමින් පවතිනවා . මේ තත්වයට හේතුව මිනිස් ක්‍රියාකාරකම් ... මිනිසා සොභාදහමේ සමතුලිතතාවය බිඳහෙලලා.

ඉතාලිය ප්‍රංශය ජර්මනිය ස්විස්ටර්ලන්තය ඇතුළු යුරෝපා රටවලට දැන් උදාවෙලා තියෙන්නේ 2017 වර්ෂයේ වසන්ත සමයයි .මාස හයක් පමණ ශීතලේ තිබූපරිසරය අලුත් හිරුගේ රැස් වලින් උණුසුම් වෙන්න පටන් ගන්නා කාලයයි ... මේ කාලයට ගස් වල මල් පිපිලා ,අතුරිකිලි දාලා දළු එන්න පටන් ගන්නවා ..මේ එන අලුත් දළු ගොවිතැනින් ජීවත්වෙන මිනිස්සුන්ට ඉතාමත් වටිනවා ...සෑම ගහකම වැලකම අලුත් දල්ලත් එක්ක මල් හෝ ඵල මතුවෙනවා . මේ දළු මැරුනොත් විනාශවුනොත්   ගසක ඵල හටගන්න තවත් වසරක් ගතවෙනවා .

ඉතින් පසුගිය සතියේ උණුසුම් වෙමින් තිබුණු යුරෝපා පරිසරය එක පාරටම ශීතල වෙන්න ගත්තා . උදේට හිම මිදෙන තරමට ...වසරක් පුරා සාත්තු සප්පායම් කරමින් වසන්ත කාලයේ එන අලුත් මිදී දළු ගැන බලාපොරොත්තු තියන් හිටපු ගොවියන්ට හදිසියේ ඇතිවුන තත්වය බරපතල විදියට බලපෑවා ...මිදී දළු මත පිනි මිදී  දළු මැරෙන්න ගත්තා .අලුත් මිදී දළු බේරගන්ඩ විකල්පයක් නැති වුණා .ශීතලෙන් අයිස් වුන මිදිදළු උණුසුම් කරන්න ස්විස්ටර්ලන්තය  ප්‍රංශය ඇතුළු බොහෝ රටවල ගොවි ජනතාවට  මිදිගස්වලට ශිත තපින්න ගිණි මැල පත්තු කරන්න සිද්ධ වුණා .

162049105 f6e5295a 612a 4e5c b691 d727e4171214

162049311 7bebbbbf f9a7 48a0 b7df 004bb3d410b6 768x513

1462020837un5

a a59dabb959b9ec11cdacde024b5e0e69

viti016

C f8h XXYAAOPg1

Add comment


Security code
Refresh