23
Tue, Jan

දේශපාලන

තවත් කම්කරු දින සැමරුමක් වෙනුවෙන් දින ලං වෙනවා .මේ  අතර දේශපාලන පක්ෂ වුර්තිය සමිති පුද්ගල කණ්ඩායම් කම්කරු දිනය වෙනුවෙන් සුදානම් වෙමින්  ඉන්නවා.

විශේෂයෙන් දේශපාලන පක්ෂ පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භකර තමන්ගේ පක්ෂවෙත ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට උනන්දු වෙන හැටි අපිට දකින්න පුළුවන් .

1වත්මන් කම්කරු දිනය කම්කරුවන්ගේ දිනයක් නොව දේශපාලන පක්ෂවල පාලක පක්ෂයේ ,විපක්ෂයේ ජන පදනම උත්කර්ෂයට නංවා පෙන්වන දිනය බවට පත් වෙලා .පුර්ව ප්‍රචාරක කටයුතු වලදී පවා පෙනෙන්න තියෙන්නේ ඒ අරමුණ.

විශේෂයෙන්ම එ.ජා.පය, ශ්‍රී.නි.ප සහ මේ පක්ෂ දෙකට ආණ්ඩු බලය ලබා  ගන්න කලින් කළාට උදවු කරන කල්ලි කණ්ඩායම් වලට  කම්කරු දිනය සමරන්නට  පෙනීසිටින්න සදාචාරාත්මක අයිතියක් නැහැ .. ගෙවුණු කාලය තුළත් අදත්  කම්කරු අයිතීන් කප්පාදු කරන්න සහ මර්ධනය කරන්න පුරෝගාමි වන්නේ මොවුන්ය . වත්මන් එ.ජා.පය, ශ්‍රී.නි.ප ආණ්ඩුවත් කම්කරු දින සමරන්න සුදානම් වෙමින් ඉන්නවා .. ඔවුන්ගේ  පූර්ව ප්‍රචාරක දැන්වීම් වල ඉන්නේ ප්‍රධාන දේශපාලකයෝ සහ රනිල් මෛත්‍රී වැනි පක්ෂ නායකයන්ය.3

මේ අතර වමේ පක්ෂ ධනපති පක්ෂ වලට කම්කරු දිනය සමරන්න අයිතියක් නැති බව පවසමින් කම්කරු දිනයේ සැබෑ අයිතිය ඔවුන් සතු බව පවසමින් ඉතිරි කම්කරු දිනය සදහා පුර්ව ප්‍රචාරක කටයුතු කරමින් ඉන්නවා .ඒවගේම ප්‍රගතිශීලි කණ්ඩායම් පුද්ගලයන් තම තමන්ට හැකි පමණින් කම්කරු දිනයට සුදානම් වෙනවා .

ධනපති පක්ෂ වගේම අදවන විට වමේ කියා ගන්නා පක්ෂ පවා කම්කරු දිනය යොදා ගන්නේ තම පක්ෂයේ බලය අනෙකට පෙන් වීමටය . කම්කරුවන් සමඟි කර වැඩකරන ජනතා බලය පීඩක පාර්ශවයට පෙන්වනවා වෙනුවට ඔවුන්ටද අවශ්‍ය වන්නේ වැඩකරන ජනතාවගේ වැඩි පංගුව තමන්ගේ පක්ෂ බැනර් එක පිටුපසට කර ගැනීමටයි .ඉන් පසුව පුවත් පත්  මුල් පිටුවේ සෙනඟ ගොඩක් ඉන්න ඡායාරූප  ඵල කර ගැනීමය . අපේ පක්ෂයේ මැයි රැළියයි පෙළපාලියයි මාරයි ,,,අපේ විනය විශිෂ්ටයි කියා ගැනීමටය .

කෙසේවෙතත් මේ විච්චූරන වලින් වැඩ කරන ජනතාවට සුගතියක් නොවන බව සැබෑය. කම්කරු ජනතාව සකලවිධ ඇඳීම් වලට එරෙහිව ජනතා සමගිය ඒකරාශී කරගත යුතුවේ .

4

2

5

6

7

 

Add comment


Security code
Refresh