vivarafm

මායාවේ කඩතුරාව හැර සැබෑවේ දෙනෙත් විවර කරන්නට සෑම සෙනසුරාදාවකම සිංහල බසින් ඔබ වෙත ගෙන එන ගුවන්විදුලි විකාශනය මෙතැන් සිට , මුල් වතාවට මේ තේමා පාධ්ය ගුවන සිසාරා පැතිරුනේ 1997 මාර්තු මාසයේ 1වෙනිදා රාත්රී 8:00 ටයි . ඒ අදින් වසර 20කට ඉහතදී ,

1997 මාර්තු පළමුවැනිදා , එදත් සෙනසුරාදා දිනයක් .සිනිදු සුදු මුදු තලාවේ ගී අනුවදනයෙන් ආරම්භ කළ විවර මුල්ම වැඩසටහනෙන් ප්‍රචාරය වූ මුල්ම ගීතය සුනිල් එදිරිසිංහගේ මගේ අමල්බිසෝ ගීතය

එදා අපට ගුවන්විදුලි වැඩසටහනක් කරන්න පළපුරුදු අත්දැකීමක් නොතිබුනත් සියලු බාදක ජයගෙන මේ අභියෝගය ජයගැනීමේ අදිස්ථානය තිබුනා .අද අපි ඒ අබියෝගය ජය අරගෙන තියනවා .ගුවන් විදුලිය ආරම්බ කරමින් ඇරබි ගමන අන්තර්ජාල පුවත්පත විවර tv දක්වා වර්ධනය කරගැනීමට ගෙවුන විසිවසර තුළ අප සමත් වෙලා තියනවා .

මුල්ම විවර වැඩසටහන පිළිබඳව තියෙන්නේ සොදුරු මතකයක් . 1997 කියන්නේ මේතරම්ම තොරතුරු තාක්ෂණය දියුණු නැති කාලයක් . අන්තර්ජාලය ලගවියනොහැකි සිහිනයක් . ඉතාලිය වගේ දුර ඈත යුරෝපා රටකට ආවේ සතිඅන්ත පුවත්පත් විතරයි . එකත් ආවේ සඳුදා හෝ අඟහරුවාදා?....ඉතාලියේ ප්රධාන නගර හැර අන් නගරවලට පුවත්පත පවා නොලැබුන යුගයක් . එවන් පසුබිමක ගුවන්විදුලි වැඩසටහනක් වෙන්නට පවා තියෙන ආරංචිය තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් සිටි ශ්රිලාංකින්ට ආශ්චර්යමත් පණිවිඩයක් වුනා . 1997 මාර්තු 1වැනිදා මුල්ම වැඩසටසටහන ප්‍රචාරය කිරීම සඳහා ගුවන්විදුලි ආයතනයෙන් මැදිරි අංක 1 ගියේ ප්‍රධාන නිවේදකයා ලෙස විජිත් සහ දේශපාලන සම්බන්දායකයා ලෙස ජයලත්ය . සමාජ , දේශපාලන , සංස්කෘතික තොරතුරු ඇතුලත් පැයක මුල්ම වැඩසටහන අඩුපාඩුකම් රැසක්ද සමග ගුවන සිසාරා පැතිරුණා ...එතැන් සිට සතිපතා විවරට සවන්දෙන අසන්නන් ගණන වැඩිවෙන්න පටන්ගත්තා . අසන්නන්ගේ අදහස් යෝජනා විවේචන සංවාද සමගින් අපිට විවර වැඩසටහන් නිෂ්පාදනයට අත්දැකීම් එකතුවුනා . ටිකකලක් යනවිට විවර ජිවිතයෙන් කොටසක් බවට පත්කරගත් අසන්නන් පිරිසක් බිහිවුණා විවර ආරම්භවූ 1997 සිට අද දක්වා විවර වැඩසටහන් සම්පාදනයට සහ නිවේදන කටයුතු වෙනුවෙන් දායකවූ පිරිස අතිවිශාලයි . විජිත් ,,හිල්මි ,සමන්ත ,රුවන් ,සුසිල් ,චාන්දනී , දිලීප ,නිශාන්ත ,දර්ශණ ,නදීකා ,ප්රියන්ති ,විදුර ,සමන්සිරි ,රොවාතෝ සමන්ත ,සිරිල් ,අශෝක ,අනිල් ,රේණු ,දිලීමා ,සඳකැලුම් සඳරුවන් ,තිලිණ ,දුලාල් ,සමීර මේ හැම කෙනෙක්ගෙම දැනුම ,මහන්සිය විවරගුවන්විදුලිය නොකඩවා 20වසරක් පවත්වගෙනයන්නට දායකවෙලා තියෙනවා ....ලංකාවේ සිට මෑත කාලයේදී විවරට සම්බන්ධවී වැඩසටහන් නිෂ්පාදනයට දායක වෙන රොෂාන් රුබේරු ,දේවින්ද චමින්ද නිශාන්ත, ලක්මාල් වද අපි අමතක කරන්න බැහැ ..

විතරක් නෙවයි 1997 සිට අද දක්වා විවරට සවන්දෙමින් විවර ගුණදොස් පවසමින් විවර සමඟ රදිසිටින විවර අසන ඔබද මේ 20වසරක කොටස්කරුවන් වෙනවා .

 ජයාරූප එකතුවෙන්

1998

vivara1998

CIMG0043

192726 206753299339211 4660608 o

183722 206753309339210 3125109 n

20161224 213135

විවර මාධ්‍ය ජලයේ ඉදිරි වැඩ පිළිවල පිළිබද කතාබහා

20150307 223500

20150307 223514

20150307 223545

20150307 223521

 

 

 

Add comment


Security code
Refresh

විවර සජීවී විකාශනය

ජනවාරි 07 විවර වැඩසටහන

ජනවාරි 21 විවර වැඩසටහන

දෙසැම්බර් 24 විවර වැඩසටහන

දෙසැම්බර් 10 විවර වැඩසටහන

sagivi

Radio Onda d’Urto in FM

Nelle province di: Brescia, Milano, Bergamo, Mantova, Cremona, Verona, Trento.

 99.6   Brescia e provincia
 99.7   Lago di Garda (BS)
 98.0   Milano
 100.1   Val Camonica (BS)
 100.1   Lago d’Iseo (BS)
 99.9   Alta Val Camonica (BS)
 100.0   Ponte di Legno (BS)
 91.0   Val Trompia (BS)
 95.2   Alta Val Trompia (BS)
 95.2   Bagolino (BS)
 99.7   Val Sabbia (BS)
 106.7   Lago d’Idro (BS)
 88.0   San Giuliano Milanese (MI)
 99.6   Provincia di Bergamo
 99.7   Mantova e provincia
 99.7   Verona e provincia
 99.7   Cremona
 99.5   Alto Garda e provincia di Trento
 105.5   Trento e zone limitrofe

IMG 20160601 WA0002 281x300

bannerFS240