තමුන් කිසි වරදක් නොකල විදියට ඇයිසමාජය ඉදිරියේ හැසිරෙන්නේ.එතකොට වරද කරලා තියෙන්නෙ ගැහැණිය විතරමද?
මහ මග විදුලි පහන් එළි නිවා දමන තුරු හෝ හෙමීට කරකැවෙන විදුලි පංකාවක් යට හිද හෝ පුරුෂයාගේ ලිංගික ආශාවන් සපුරාලීමට මුදල් නියමයක් මත වෙන්වූ ගැහැණිය ගණිකාව එසේ නැතිනම් වේසාවක් ලෙස සමාජය ලේබල් ගත කර ඇත.
ධනේෂ්වර පංතිය විසින් පීඩිත ජනයාට උරුම කර දුන් තවත් එක රැකියාවක් තමයි ගණිකා වෘතිය. ඉහල පැලැන්තියේ ප්රභූවරු තරු පහේ හෝටල් කාමර තුල ගැහැණිය හා ලිංගික සබදකම් පැවැත්වුවද සමාජයේ ඇස ගැටෙන්න ප්රභූවරු ඔවුන් හා සබදකම් පවත්වන්නේ නෑ. ස්ථිර වැටුපක් ලැබෙන රැකියාවකට ඔවුන්ව යොමු කරන්නෙත් නෑ.එහෙම නොකරන්නේ අර මම කලින් කියපු වාතාවරණය ගැහැණියට ඔවුන් විසින් නියම කරන නිසයි.
ලිංගිකත්වය තුල වින්දනය විදිනවා වෙනුවට ඔවුන්ට නියම වී ඇත්තේ ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වීමටයි. එම රැකියාවෙන් මිදී සමාජය තුල ජීවත් වෙන්න උත්සහ කරනවා වුවද මේ සමාජ ක්රමය මේ සමාජ මානසිකත්වය ඔවුන්ට එයට උවමනා කරන පසුතලය සකස් කරන්නෙ නෑ. සම වයසේ පිරිමියා හැරුන කොට මහලු වියේ පසුවන්නන් සමග ඔවුන් නිදි වදින විට ඔවුන්ට එයින් යම් තෘප්තියක් ලැබෙනවා යැයි සිතිය හැකිද?
තමන්ගේ මෝඩ කම මත හෝ වේවා මේ සමාජය විසින් උරුම කරපු මේ වෘතිය අතු ගා දැමිය යුතු නොවේද?
සදී