22
Sun, Apr

සමාජ

3නත්තල ළඟ  ළඟ  එන සුභ  ආරංචිය  ලෝකවාසී ජනතාවට ව්‍යාපාරික ප්‍රජාව  කියන්නට  ගත්තේ නොවැම්බර් මස  මුල සිටය .බහුජාතික සමාගම්ද , මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද , සුළුපරිමාණ වෙළඳුන්ද , පෙට්ටි කඩ කරුවන්ද , පේමන්ට් වෙළෙන්දන්ද මේ සුභ ආරංචිය  තමතමන්ගේ ප්‍රාග්ධන හැකියාවන් මත ජනතාව වෙත ගෙන ගියහ .ජේසු තුමන්ගේ උත්පත්තිය සමරන හැටි එකිනෙකා පරයමින් ජනතාවට පාඩම් කියා දුන්හ .

නොවැම්බර් මස මැදවනවිට ලොව පුරා ඇති කඩ සාප්පු ඇතුළට ධාරණීපාත හිම පතන පතිතවන්නට විය .නේක වර්ණ විදුලි බුබුළු ඒ හිම මත ගැස්සී ගැස්සී නටන්නට විය .නත්තල් සීයා මහමඟ  වීදිදිගේ ඇවිද ඇවිද සමාගම් වෙළද නම යටතේ සේල් සේල් කියමින් භාණ්ඩ විකුණන්න විය .පොඩි දරුවන්ගේ මනස් කොල්ල කන  වෙළද දැන්වීම් රුපවාහිනී තිර මත දිස්වන්නට විය .

දෙසැම්බර් මැදවනවිට පාරිභෝජන වාදයෙන් තොර නත්තලක් නැති බව  ජනතාවට ඒත්තු ගන්වන්න මේ වෙළද දේවදූත ප්‍රජාව සමත් විය . නත්තල කිට්ටුවෙත්ම උසම නත්තල් ගස්ද ,ලොකුම ගවලෙන්ද ඉදිකරන්නට වූ අතර රාජ්‍ය අනුග්‍රහයේන් , පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මංමාවත්  පාට පාට විදුලි බුබුලින් ආලෝකමත් වන්නට විය .

නත්තල් සියාවෙත නත්තල ලංවෙත්ම පොඩි දරුවන් සෙල්ලං බඩු තෑගි ඉල්ලා දිනපතාම ලියුම් ලියනට විය ... දිනෙන් දින ඉහළ  යන ඉල්ලුමේ තරමට සැපයුම් කිරීමට නත්තල් සීයාට කොන්දේසි විරහිතව ශ්‍රමය සුරා කන්න සිදුවිය .

24 එළබෙත්ම දරුවන් බලා සිටියේ නත්තල් සීයා තමන් ඉල්ලූ තෑගිත් අරන් කොයි මොහොතේ පැමිණේද කියායි .පසුගිය වසරේදී තමන්ගේ ඉල්ලීම ඉටුකරන්නට අපෝසත් වූ නත්තල් සීයා මේවසරේ තමන් ඉල්ලු දේ ලබාදේයැයි සිතමින් නොඉවසිල්ලෙන් සිටියහ .එනමුත් දෙමවුපියන් දරුවන්ට හොරෙන් තමන්ගේ හැකියාවට අනුව එදින නත්තල් ගස යට තෑග්ගක් තැබුහ.බොහෝ දරුවන්ට තමන් කැමතිම ,ආසම තෑග්ග ලැබුනේ නැත .ඔවුහු තෑගි දැක ඇඩුහ. බොහෝ දෙමවුපියන් එදින දරුවන් අඩනු දැක තව තවත් කනස්සලු සිතින් දුක්  බර විය . අතලොස්සක් දරුවන්ට නත්තල් සීයා යහමින් තෑගි ගෙනත් දුන්නහ . ඔහු වෙනදාටත් වඩා එදින සතුටින් සිනහා මුසු මුහුණින් නත්තල් සමරුහ .

බෙත්ලෙහෙමේද  ,පලස්තීනෙද, සිරියාවේද ,ඉරාකයේද ලෝකයේ බොහෝ තැන්වලදී තෑගි භෝග රැගෙන එන නත්තල් සීයා වෙනුවට පොඩි දරුවන්ව සොයාගෙන ආවේ කුරිරු වෙඩි උණ්ඩය .... දිළින්දාට නත්තලේ වෙනසක් දැනුනේ නැත ....5

ගරු ඝාම්බීරව අහස උසට නැගී  සිටි දේව මන්දිර වල ක්‍රිස්තු උපත මහා ඉහලින් සැමරූහ . ඒ දේවමන්දිරයේ දොරටුව අභියස අඩන්තේට්ටම් විදිමින් පරුෂ වචනයෙන් බැණුම්අසමින් අසරණ දිළින්දෝ දේව මන්දිරය ඇතුළටයන්නට අවසර නොමැතිව ලෝක ගැලවුම්කරුවාගේ උපත සිහිපත් කරන ධනවතුන්ගේත් සිඟමන් යැදියහ . ඔහු ලද සිඟමන් වෙනුවෙන් පොහොසතුන්ට  දේව ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින් පිංසිද්දවේවා යැයිකීහ. ඔහූ  ලෝකවාසී සැමට සුභ නත්තලක් ප්‍රර්ථනා කළහ ..

Add comment


Security code
Refresh