27
Fri, Apr

ඉතාලිය

පසුබිම් කථාව - ඉතාලිය විදේශ කම්කරුවන්ගෙන් ඔවුන්ගේ රැඳී සිටීමේ බලපත‍්‍ර (පෙර්මෙස්සෝ දි සර්ජෝර්නො/කාර්ත සර්ජෝර්නෝ) වලංගු කාලය දීර්ග කිරීමේදී හෝ අලූතින් නිකුත් කිරීමේදී බදු මුදලක් අයකරන ලදී එය යුරෝ 80/100 හා 200 ලෙස විය එහෙත් යුරෝපා සංගමයේ එකඟතා අනුව එසේ බදු අයකිරීම පටහැනිය. ඒ නිසා එම යුරෝපා එකඟතාවයන් උල්ලංගණය කරන විට ඒ වෙනුවෙන් දඩ මුදලක් ගෙවිය යුතු හෙයින් ඉතාලි ආණ්ඩුව දිගින් දිගටම සිදු කලේ යුරෝපා එකඟතාවයට පටහැනිව මුදල් අය කරමින් එය පවත්වාගෙන යාමයි. ඒ නිසා හැම වසරකම ඊට අදාල දඩ මුදල් ගෙවීමට ආණ්ඩුවට සිදුවිය. එසේ කලේ දඩ ගෙවීම බදු අයකිරීම නවතනවාට වඩා ඔවුන්ට වාසිවූ නිසාය. විදේශික කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ සංවිධාන මෙයට එරෙහිව අරගළ කලත් එවන් තත්වයකට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගත හැකිව තිබූ සංවිධාන ආණ්ඩුව සමග ඇති එකඟතාවයන් නිසා එය මේ දක්වා නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට නොහැකි විය. එහෙත් මේ වන විට ආණ්ඩුවේ දක්ෂිණාංශික ක‍්‍රියාමාර්ග වලට එරෙහිව ආණ්ඩුකරන පක්ෂයේම වාම කොටස එයට එරෙහි වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ මේ ක‍්‍රියාමාර්ග මෙසේ අභියෝගයට ලක් විය.

ඉතිහාස කථාව - ඒ අනුව ඉන්කා/ සී.ජී.අයි.එල් සහ විදේශිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතිමය සංවිධානයක් එක්ව පසුගිය මැයි මාසයේදී ආණ්ඩුවේ එම ක‍්‍රියාවළියට එරෙහිව නඩු පැවරීය. එහිදී මේ පිළිබඳ අවසන් තීරණය දෙන තුරු එම බදු අයකිරීම තාවකාලිකව අත්හිටුවීමට උසාවිය නියෝග කල අතර එතැන් සිට අයකරනු ලැබූයේ තැපැල් ගාස්තුව වන යුරෝ 30ත් මුද්දර ගාස්තුව යුරෝ 16ත් සහ සර්ජෝර්නෝ මුද්‍රණ ගාස්තුව වන යුරෝ 30 ශත 46ක් පමනි. ඒ අනුව ගෙවීමට සිදුවූ මුලූ මුදල යුරෝ 76 ශත 46කි. එහෙත් සැප්තැම්බර් මැදදී ආණ්ඩුව පාර්ෂවයෙන් ඊට එරෙහිව උසාවි යාමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙයට අදාල අවසන් තීන්දුව ප‍්‍රකාෂයට පත්කරන තුරු පැරනි මුදලම අයකිරීමට නියෝග කෙරුනු අතර එතෙක් අඩුවෙන් මුදල් ගෙවූ අයගෙන් නැවත ඉතිරි මුදල අයකිරීමටද ක්වෙස්තූර ආයතන කටයුතු කරන ලදී .ඊට අමතරව ආණ්ඩුව තවත් වෙනසක් කලේය එනම් එතෙක් වයස අවුරුදු 14න් පහල කිසිවකුගෙන් මුදල් අය නොකලත් බදු අයකිරීම අත්හිටුවන ලෙස නියෝග ලැබුන දා සිට මාස6න් ඉහල අවුරුදු 14න් පහල අයගෙන්ද යුරෝ 30 ශත 46ක් අයකරන ලදී.

වත්මන් තත්වය - මුල් නඩුවේ අවසන් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ ඔක්තෝබර් 13 රැස්වූ සියලූ පාර්ෂවයන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව තීන්දුව ප‍්‍රකාෂයට පත් කිරීම තවත් දින කීපයකට කල් තබන ලද අතර එතෙක් බදු මුදල අය කිරීමටද අවසර ලැබුනි. ඔක්තෝබර් 26 දින ඊට අදාල අවසන් තීන්දුව ප‍්‍රකාෂයට පත්කල අතර ආණ්ඩුව පරාජයට පත්කරමින් සෙසු පාර්ෂවයන්ට ජය හිමිවිය. ඒ අනුව මෙය සියලූ විදේශිකයින්ගේ ජයග‍්‍රහණයකි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අද වන විට සියලූ ක්වෙස්තූර ආයතන(පොලිසිය) වෙත මේ බව දැනුම් දී තිබේ. එහෙත් පසුගිය මැයි මාසෙන් පසුව ආණ්ඩුවේ මැදිහත්වීමෙන් නැවත අයකරගන්නා ලද බදු මුදල ආපසු අදාල අයට ගෙවන්නේද යන්න එම නියෝගයේ පැහැදිලි නැත. ඒ නිසා මෙයට ඉක්මන් මැදිහත්වීමක් ආණ්ඩුව නොකලහොත් ඊට එරෙහිව වන්දි නඩු රාශියකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවිය හැකියැයි අනාවැකි පලවෙමින් තිබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ අප විමසිල්ලෙන් සිටිමු.

පසු සටහන - ආණ්ඩුවේ මෙම ක‍්‍රියාව අභියෝගයට ලක්කල හැකි බව මීට වසර ගනනාවකට පෙර අප ඒ ඒ අදාල පිරිස් සමග සාකච්ඡුා කලත් ඔවුන් එය සීරුවට මගහරිමින් සිටියහ. එයට හේතු වූයේ ඔවුන් ආණ්ඩු හිතවාදීන් වීමයි. එහෙත් මෑතකදී ආණ්ඩුබලයේ සිටින සංධානයේ ප‍්‍රධාන පක්ෂය වන පී.ඩි හි (ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය/කලින් වාම ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්) ඇතිවූ අභ්‍යන්තර ගැටුම විසින් ඒ තුල වාම හා දක්ෂිණාංශික ලෙස දෙකොටසකට වෙන්විය. වර්ථමාණ අගමැති පී.ඩි නායක රෙන්සි දැන් නියෝජනය කරන්නේ දක්ෂිණාංශිකය බැවින් වාම කණ්ඩායම නියෝජනය කරන වෘතීය සමිති එහි ප‍්‍රතිඵලයක් ලෙසයි රෙන්සිට එරෙහිව මෙම පියවර ගනු ලැබුයේ  .   

Add comment


Security code
Refresh