විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් ති දැනුම් දී ඇත.

ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොට 2007 වසරේදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගෙන ඇති බව පෙන්වා දෙන එම ඒක පුදගල කමිටුව මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කිරීමටද නිර්දේශ කොට ඇත.

කිසිදෙයක් ගැන සුවිශේෂී හැදෑරීමක් නොතිබුනාට ලංකාවේ පූජ්‍යය පක්ෂයට ( කාදිනල් ගේ සිට මහානායක හිමිවරු දක්වා ) රටේ දේවල් සම්බන්ධයෙන් බලපෑම් කලහැකි ප්‍රමානය එක අතකට විහිලු සහගතය . කොතරම් ගොබ්බ , පසුගාමී, ද්වේශ සහගත ප්‍රකාශයක් කරත් කිසිවෙකුට එය ප්‍රශ්න කරන්නට අවසරයක් නැත. කිසිවකු ප්‍රශ්න කරතොත් සිව්රේ හෝ ලෝගුවේ බලය භාවිතා කොට එසේ කරනා අය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසනු ඇත.


එවන් පසුබිමක් තුල , නායක හිමිවරැ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යය නැති බවට තීන්දු දෙන්නේත් abortion සම්බන්ධයෙන් කාදිනල් තීන්දු දෙන්නෙත් ඒ කාරණා දෙක ගැනම රට තුල ඇති විශාල සංවාදය සතයකට මායිම් නොකොටය. 


සිව්ර අදින විදියේ සිට උඩරට - පහතරට, උසස් කුල -පහත් කුල , නිකායන් ආදී ලේස “බෙදුනු “ භික්ෂු ප්‍රජාව “ නොබෙදුන “ රටක් ඉල්ලයි. කෙසේ හෝ මේ වෙද්දී ඒකීය රාජ්‍යයක් යන බෝඩ් ලෑල්ල කලකට පසු නැවතත් රටේ බලවත් භික්ෂු පාර්ෂව කිහිපයක් විසින් දූවිලි පිස දමා එලියට ගෙන ඇත. “ ඒකීය භික්ෂු ප්‍රජාවක් “ යන සංකල්පයට , එනම් අඩුතරමේ බුදු දහමේ මූලික පදනමක් වන සමානාත්මතාවය රකින භික්ෂු ප්‍රජාවක් වත් සෑදීමට සූදානම් නැති, පහත් යැයි සම්මත කුලවල අයව උපසම්පදා කරවීමට විරුද්ධ , ඔවුනට නායක පදවි දෙනවාට විරුද්ධ භික්ෂු ප්‍රජාව ‘ ඒකීය රාජ්‍යයක්“ ඉල්ලයි . 


සංඝ සමාජයම නොයෙක් ආකාරයට විභේදනය කරගත් මොවුන් අනෙක් අතට සමාජයේ විභේදනයන් ඉවසනවා පමනක් නොව තව තව විභේදනයන් ඇති කරමින් සිටී. මේ සියල්ල කරන ගමන් උපාසක අම්මලාට වසල සූත්‍රයේ සමාජ සමානාත්මතාවය පිලිබද මූලධර්ම ගැනද දෙසති .
බුදුන් වහන්සේ සමූහාණ්ඩුවාදී අදහස් වලට ගරු කලේ යැයි පැවසෙතත් ලංකාවේ සංඝ සමාජය ඒ මත පදනම් වූ දේශපාලන චින්තනයක් වර්ධනය කරේද කරන්නේද නැත. ඒ වෙනුවට, විසි එක්වන සියවසේදීත් ඔවුන් රජෙකු ඉල්ලමින් හඩා වැටේ. සංඝ සමාජයේ සිටින මේ හාමු පැලැන්තිය වරෙක රාජපක්ෂවාදය වෙනුවෙන්ද වරෙක ආණ්ඩුව වෙනුවෙන්ද පෙනී සිටියත් මොවුන් සැබවින්ම පෙනී සිටින්නේ ‘‘ බෙන්ස්වාදය “ වෙනුවෙන් බව රහසක් නොවේ. අනෙක් අතට සංඝ සමාජයේ සිටින ‘‘ රස්තියදුකාර පැලැන්තිය ( ඤානසාර ගේ සිට සරණාගතයින්ට ගල් ගැසූ අයිඩී කාඩ් දෙකක් ඇති අරමිබේපොල හිමි දක්වා) සම්බන්ධයෙන් මේ ගෞරවනීය හාමු පැලැන්තිය දක්වන ප්‍රතිචාරයද නිහඩ අනුමත කිරීමකි. 
කෙසේ හෝ මේ වෙද්දී අධිකාරවාදී ධුරාවලීගත ව්‍යුහයක් තුලට පිරිහී ඇති මේ සියල්ලම පෙනී නොසිටිනුයේ බුදු දහමේ මූලික හරයන් වෙනුවෙන් පමනි . 
එහෙත් ජනතාවට මේ කිසිදෙයක් ප්‍රශ්නයක් වී නැත. පාර්ලිමන්ට් එක තක්කඩින්ගෙන් පිරී යාම ගැටලුවක් නොවන ජනතාවට පන්සල් ,පල්ලි තක්කඩින් ගෙන් පිරීයාම ද ගැටලුවක් නොවේ

නිදහසේ  සුළඟ 

කැනඩාවේ ප්‍රාන්තයක් විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබාගන්නා අවස්ථාවක මුහුණ ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කරනු ලැබීය.

කැනඩාවේ කෙබෙක් (Quebec) ප්‍රාන්තයේ ජාතික මන්ත්‍රණ සභාව මතභේදයට තුඩු දී තිබෙන එම නීති සංශෝධනය සම්මත කළේ නගර සභා පොදු ප්‍රවාහන සේවාවලට ද බලපැවැත්වෙන ආකාරයටය.

ඒ අනුව මහජන සේවාවක් ලබාගැනීමේ දී හෝ මහජන සේවයක නිරතවීමේ දී මුහුණ නිරාවරණය කිරීමට සිය බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින කෙබෙක් (ක්වෙබෙක් යනුවෙන් ද හැඳින්වේ) ප්‍රාන්තයේ කාන්තාවන්ට සිදු වේ.

2014 සිට ප්‍රාන්තයේ බලය හොබවන ලිබරල් පක්ෂය එම නීති සංශෝධනය ඉදිරිපත් කළේ මීට දෙවසරකට ඉහතදීය.

ඒ අනුව බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින රජයේ නිලධාරිනියන්, පොලිස් නිලධාරිනියන්, ගුරුවරියන්, බස් රියදුරන් සහ මහජන සෞඛ්‍ය සේවාවල නිරතව සිටින වෛද්‍යවරියන්, වින්නඹු මාතාවන් සහ දන්ත වෛද්‍යවරියන්ට ද සිය සේවා කාලය අතරතුර සිය මුහුණ නිරාවරණය කිරීමට සිදුවේ.

බාල වියේ දරුවන්ට ආගමික අධ්‍යාපනය ලබාදීම ද මහජන අරමුදල්වලින් යැපෙන දරුවන් රැක බලා ගන්නා ආයතනවලට එමගින් තහනම් කරනු ලැබ තිබේ.
සියලුම ආකාරයේ මුහුණ ආවරණ එමගින් තහනම් කර තිබෙන බැවින් එය මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත්තක් නොවන බව කෙබෙක් ආණ්ඩුව පවසයි.
එහෙත් ආණ්ඩුවේ සේවාවක් ලබාගැනීමේදී, බස් රථයක ගමන් කිරීමේදී, මහජන පුස්තකාලය භාවිතා කිරීමේදී හෝ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි මහජන සේවා ලබාගැනීමේදී සිය මුහුණ නිරාවරණය කිරීමට නව පනත අනුව මුස්ලිම් කාන්තාවන්ට සිදු වේ.

එමගින් ප්‍රාන්තයේ මුස්ලිම් කාන්තාවන් මහජන සේවාවන්හි පිහිට පැතීම සීමා කරනු ඇති බව මේ අතර විවේචකයන්ගේ තර්කය වී තිබේ.
මුහුණ ආවරණය කරගෙනම මහජන සේවාවක් ඉල්ලා සිටිය හැකි ඇතැම් අවස්ථා පිළිබඳව ද නව පනතේ සඳහන් වේ. එවැනි ඉල්ලීමක් පිළිගන්නේ ද, ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න තීරණ කළ හැකි ආකාරය ද පනතට ඇතුළත් වේ.
නව පනතට එරෙහිව අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බව නීති විශාරදයෝ පවසති.
කෙබෙක් ප්‍රාන්තයේ කාන්තාවන් කොපමණ පිරිසක් මුහුණු ආවරණ පළඳින්නේ ද යන්න පැහැදිළි නැත.

අනාගමික ප්‍රාන්තයක් ලෙසින් සිය අනන්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින් කෙබෙක් ප්‍රාන්ත බලධාරීහු මීට පෙරාතුව දෙවතාවක්ම මේ හා සමාන නීති සම්මත කිරීමට උත්සාහ දැරූහ.
ප්‍රංශය සහ බෙල්ජියම ඇතුළු යුරෝපා රටවල් ගණනාවක්ම මීට ඉහතදී ඉස්ලාමීය මුහුණ ආවරණ තහනම් කරනු ලැබ තිබේ.

ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි.

තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැ වූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකාව 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයාය.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්විය.

ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය දැන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසේ.
නවසීලන්තයේ හරිත පක්ෂය ද නව සන්ධානයට සහාය පළ කරයි.

සාර්ථක මැතිවරණ ප්‍රචාරයක් දියත් කිරීමට සහ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමේ සිය හැකියාව ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් වලින් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වනදා දක්වා පංති වර්ජනයක නිරතව සිටින බව වාර්ථා වේ.

අද උදෑසනයාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් රැස්වීමක් කැඳවා ඊයේ (19) දිනයේදී දේශපාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර අවසානයේදී සිසුන් තීරණය කොට ඇත්තේ අදාල විසඳුම් පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් සරසවියේ සියලුම සිසුන් පංති වර්ජනයක නිරත වන බවයි.

කැකිරාව අධ්‍යාපන කලාපයේ විද්‍යාලයක 10 ශ්‍රෙණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි පවසමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධියට අදාල තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබා දී ඇත. අදාළ දැරිය ගැබ්ගෙන ඇති බව පවසමින් පදනම් විරහිත කරුණක් මත ඇය පාසලෙන් ඉවත් කර ඇති බවත්, වෛද්‍ය පරික්ෂණයේ දී එම සිසුවිය ගැබ් ගැනීමකට ලක්ව නොතිබූ බවටත් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කර තිබුණි.

යහමගට ගැනීමට සහ ඔවුන් හොඳ පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා පාසල්වලට යොමු කෙරෙන දරුවන් මේ අයුරින් පාසල්වලින් ඉවත් කිරීමට යමෙකු අත්තනෝමතිකව ක්‍රියා කරයි නම්, පාසල් වලින් බලාපොරොත්තු වන කාර්යභාර්ය ඉටු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ අධ්‍යාපන අමාත්‍යවරයා, මෙවැනි සිදුවීම් වලින් දරුවන් මුහුණ දෙන මානසික පීඩනයන්ගෙන් ඔවුන් මුදා ගැනීමටත්, ඔවුන්ට යහමග කියාදීමත් ගුරුවරුන්ගේ වගකීම සහ කාර්යභාර්ය බව ද අවධාරණය කළේය. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් කරුණු විමසූ අධ්‍යාපන ලේකම්වරයා මේ පිළිබඳ වහාම පියවර ගන්නා ලෙස ඇයට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වරදක් සිදු වී ඇත්නම් අදාල විදුහල්පතිවරියගේ වැඩ තහනම් කරන බවත්, දරුවාට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක විසින් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි වෙත දන්වා ඇත.

මේ වසරේ ගත වූ මාස 9 තුළ මෙරට දුම්රියවල සහ දුම්රිය මාර්ගවල සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමෙන් තරුණ තරුණියන් 24ක් මරුමුවට පත්වී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

වසරෙන් වසර දුම්රිය මගෙහි සිදුවන අනතුරු වැඩිවෙමින් පවතින බවත්, 2016 වසරේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු 436කින් පුද්ගලයින් 180ක් මියගොස් 256 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම සභාව සඳහන් කරයි.

දුම්රිය හරස් මාර්ගවලදී වාහන දුම්රියේ ගැටීමෙන් අනතුරු 84ක් සිදුවී තිබේ.

දුම්රියේ ගමන් කරද්දී බිමට ඇද වැටීමෙන් 76 දෙනෙකු ඉකුත් වසරේ මියගොස් ඇත.

මෙවැනි දුම්රි අනතුරු අවම කිරීම පිණිස දුම්රිය ගමන් මාර්ගයන් ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැනුවත් කිරීම සඳහා පරාවර්තික පුවරු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

එහි ප්‍රථම වැඩසටහන හෙට20 පෙ.ව. 8.30ට නාරාහේන්පිට දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට පියවරගෙන ඇතැයි ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කරයි.

More Articles ...