Top Stories

Grid List

ආණ්ඩුවේ අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බවත් නමුත් පෙර පැවති පාලනයම නැවත ගෙන ඒම එයට විසඳුම නොවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජනතාවගේ අවශ්‍යතාවය අනුව ආණ්ඩුවේ ඇතැම් වෙනස්කම් සිදුකර ජනතාව අතරට යා යුතු බවත් එසේ නොවුන හොත් එක්සත් ජාතික පක්ෂයේ අපට කණගාටු වීමට සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා කැබිනට්ටුව තුළත් ආණ්ඩුවටත් අපලයක් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ කිසිඳු ගිවිසුමක් නොමැති බවත් එතුමන් ඇතුළු දෙමළ දේශපාලඥයින් ප්‍රතිපත්ති මත දේශපාලනය සිදු කරන බවත් දකුණේ දේශපාලඥයින් එසේ නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දින දෙකක් නවතා තිබූ ලොව විශාලතම ගුවන් යානය වන අන්තනොෆ් ඒඑන් 225 - මිර්යා ගුවන් යානය අද (අප්‍රේල් 20) අලුයම 4.45 ට පමණ ඉන් නික්ම ගියේය.

පසුගිය 18 වෙනිදා මැලේසියාවේ සිට ගුවන් යානය ශ්‍රී ලංකාවට සේන්දු වුයේ පකිස්තානයේ කරච්චි නුවර බලා යන අතරේදීය.

යානයට අවශ්‍ය ඉන්ධන පුරවා ගැනීම හා 24 දෙනෙකුගෙන් සමන්විත එහි කාර්ය මණ්ඩලයට විවේකයක් ලබාගැනීම එය ශ්‍රී ලංකාවේ ගොඩ බෑමට හේතුව වූ බව මත්තල ගුවන් තොටුපොළ බලධාරීහු පැවසූහ.

 

එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක්
දින දෙකක් සඳහා යානය නවතා තැබීම හේතුවෙන් රුපියල් මිලියන 15 ට වැඩි අදායමක් ලැබී ඇති බව මත්තල ගුවන් තොටුපොළ කළමනාකාර උපුල් කලංසූරිය පැවසීය.

මේ සා විශාල ගුවන් යානයක් හැසිරවීම සඳහා හොඳින් ඉඩකට අවශ්‍ය බවත්, කාර්ය බහුල නොවූ මත්තල ගුවන් තොටුපොළ ඒ සඳහා වැදගත් වූ බව රුසියාවට අයත් එම ගුවන් යානයේ ප්‍රධාන නියමු අන්තනොෆ් දිමිත්‍රෝ සඳහන් කළේය.

තවත් තොරතුරු:

මත්තලට පැමිණි 'ගුවනේ දැවැන්තයා'
"වැඩකටම නැති ගුවන් තොටුපල" වෙත පැමිණි පළමු මගී යානය
ඔස්ට්‍රේලියා- ලන්ඩන් ගුවන් ගමනේ නව පිම්මක්
චීනයේ පළමු මගී ගුවන් යානය මංගල ගමනේ
චීනයේ ගුවන් විස්කම්; ශබ්දය මෙන් පස් ගුණයක් වේගවත් යානා
අවානි,භාවනා සහ මෝහනාගේ ගුවන් විස්කම්
එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක් වන එහි ගුවන් භාණ්ඩ රඳවන ඉඩකඩ මෝටර් රථ 80 ට පමණ සෑහේ.

මීටර 84ක දිගින් යුතු යානය රෝද 32කින් සමන්විතය.

 

රෝද 32 ක්
යුක්රේනයේ මෝටර් සිච් (Motor Sych) සමාගම හා එක්ව අන්තනොෆ් සමාගම විසින් නිර්මාණය කරන ලද මේ යානය සඳහා ඩොලර් මිලියන 20ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරා තිබේ.

 

(අන්තනොෆ් - ඒන් 225 මිර්යා)' නමවන ලොව විශාලතම ගුවන් යානය 2016 වර්ෂයේ මාර්තු මස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවූ අවස්ථාවේ එය නැරඹීම පිණිස විශාල පිරිසක් රැස් වී සිටියහ.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

ඒ අනුව අලුත් අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්‍රියාත්මක කෙරෙන දුම්රිය ධාවන සැලසුම පහත දක්වා තිබේ.

දිනය

ආරම්භක ස්ථානය

අවසන් ස්ථානය

වේලාව

පහසුකම්

2018/04/15

කොළඹ කොටුව

බණ්ඩාරවෙල

ප.ව 07.20

වායු සමනය කල මැදිරියක් සහිතය


මාතර

මරදාන

ප.ව 7.00



මරදාන

මාතර

ප.ව 2.55



යාපනය

කොළඹ කොටුව

ප.ව 8.00


2018/04/16

බණ්ඩාරවෙල

කොළඹ කොටුව

පෙ.ව 08.05

වායු සමනය කල මැදිරියක් සහිතය


මාතර

මරදාන

ප.ව 7.00



කොළඹ කොටුව

ගාල්ල

ප.ව 6.50



මරදාන

මාතර

ප.ව 2.55


2018/04/17

මරදාන

ගාල්ල

පෙ.ව 9.20

පෙ.ව 11.50



ගාල්ල

මරදාන

පෙ.ව 07.05



ගාල්ල

කොළඹ කොටුව

ප.ව. 1.15

ප.ව. 05.55


අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළදීත් විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එල්.පී.තිලකරත්න
අංශ ප්‍රධානී (ප්‍රචාරක)

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

වව්නියාව නගරසභාවේ පාලන බලය දෙමළ ජාතික සන්ධානයට (TNA) අහිමි වූ අතර මෑතදී පිහිටුවන ලද දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය (ENLF) විසින් එහි බලය අත්පත් කර ගනු ලැබ ඇත.

දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය (ENLF) මෑතදී පිහිටුවා ගන්නා ලද්දේ වී. ආනන්දසංගරී නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(TULF ) සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් නායකත්වය දෙනු ලබන EPRLF සංවිධානය සන්ධානගත වීමෙනි.

වව්නියාව නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දී එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සහ EPDP පක්ෂයේ සහයෝගය දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයට (ENLF) ලැබුණි.

ඒ අනුව එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද රාසලිංගම් ගෞතම්ට ඡන්ද එකොළහක් ලැබීමෙන් ඔහු අභිනව නගරාධිපතිවරයා හැටියට පත්විය.

දෙමළ ජාතික සන්ධානය විසින් නගරාධිපති පදවිය සඳහා ඉදිරිපත් කරන ලද අපේක්ෂකයාට එම සන්ධානයෙන් තේරී පත්ව සිටින නගර සභිකයන් අටදෙනාගේ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නියෝජිතයාගේ සහයෝගය ලැබුණ අතර ඔහු ලද මුළු ඡන්ද සංඛ්‍යාව නවයකි.

 

දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයේ (ENLF) රාසලිංගම් ගෞතම් අභිනව නගරාධිපතිවරයා හැටියට පත්විය.
මේ අනුව තනි පක්ෂයක් ලෙස වැඩිම නගර සභික සංඛ්‍යාව හිමි දෙමළ ජාතික සන්ධානයට වව්නියාව නගර සභාවේ පාලන බලය මෙවර අහිමි විය.

මෙතෙක් දීර්ඝ කාලයක් වව්නියාව නගර සභාවේ පාලන බලය හිමිව තිබුණේ එම සන්ධානයටය.

නගර සභාවේ මෙම පළමු සභාවාරය පැවති අවස්ථාවට එම්.ඒ.සුමන්තිරන්, ශිවශක්ති ආනන්දන්, සහ කේ.කේ. මස්තාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.

රජයේ මුදල් රුපියල් මිලියන 39ක් සාවාද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනය අද(16) නියෝග කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 35,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ බව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් මන්ත්‍රීවරයාව හෙට දිනය දක්වා රිමාන්ඩ් කිරීමට බන්ධනාගාර නිළධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය රජය සමයේ ක්‍රිඩා අමාත්‍යංශයට කැරම්බෝඩ් ඇතුළු ක්‍රිඩා ආම්පන්න මිල දී ගැනීමේදී රජයේ මුදල් සාවාද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සැකපිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද පෙරවරුවේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ චෝදනාවට භාජනය වී තිබෙන මුදල් පොදු දේපළ ගණයට අයත් නොවන බැවින් සැකකරුට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පවතින බවයි.

එම තර්කයට අනුව සැකකාර මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර මන්ත්‍රීවරයාට මැයි මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

 ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන ඇත.

ඒ අනුව ස්වදෙශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනට පැවරෙන බලතල අනුව එම නිවාඩු දින වෙනස් කරමින් අංක 2066/17 දරණ ගැසට් නිවේදනය 2018 අප්‍රේල් මස 10 අඟහරුවාදා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරනු ලැබීය.

එම නිවේදනයේ මෙසේ දැක්වේ

1979 අංක 29 දරන නිවාඩු පනතේ 10(1)(ආ) වගන්තිය හා 11(1)(ආ) වගන්තිය යටතේ නියමය 1979 අංක 29 දරන නිවාඩු පනතේ 10(1)(ආ) වගන්තියෙන් හා 11(1)(ආ) වගන්තියෙන්
මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වන මම, ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් මස 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 වන අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුකර ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි මස 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක්
විය යුතු බව ද මෙම නියමය මගින් ප්‍රකාශ කරමි.

වජිර අබේවර්ධන
ස්වදේශ කටයුතු අමාත්‍ය

මෙම එක්සත් ඡනපදයේ නිවියෝක්හිදී ගත් ඡායාරැපය 2010 තරමි පැරණිය. එහෙත් එකී ඡායාරැපයෙන් ඇය අපට පවසන දේ කිසිදවසක පැරණි නොවෙි.

 

එක්සත් ඡනපදයේ නිවියෝක්හි පිහිටි Bronx නැමති නිවාස සංකීර්නයේ 2010 පෙබරවාරි 16 වැනි දින ගින්නක් පැතිර ගියේය. එය පස්වැනි මහල දක්වා වෙිගයෙන් පැතිර යද්දී මෙම ඡායාරැපයේ මවකගේ අතේ එල්ලී සිටින සින්වා නමි මාස 7 ක සිගිත්තියගේ පියා Michel Alexandra වෙනත් නිවසක ඡනේලයකින් පැන දිව ගිය බව අසල්වැසියෙකු වු Maya Tucker පවසා තිබිණි.. එහෙත් සිගිත්තියගේ මවත් සිගිත්තියගේ ඥාති සොහොයුරියත් සිගිත්තියත් ඒ වනවිට සිටියේ ගින්නට කොටුවීය. අධික දුම නිසා ඔවුනට හුස්මගත නොහැකිවු අතර මව කලේ සිය සිගිත්තියට හුස්ම ගත හැකි අයුරින් ඡනේලයෙන් පිටතට දමා වැරයේ අල්ලාගෙන හිදීමයි. මව ගින්නට අසුවු පසු බිලිදිය අතෑරෙනු ඇත. එහෙත් ඇය මිය යනතුරැම බිලිදා අත නොහරින බව අසල සිටි ඥාති දියනිය වු වැලෙන්සාට කියා ඇත.


මම කිවිවා ඇයට බබාව ඡනේලයෙන් විසි කරන්න . එහෙත් ඇය එසේ නොකලාය. නමුදු ඔවුන්ට මරණය එතරමි අකාරැණික වී නැත. ඔවුන් හුස්ම හිරවෙමින් දගලද්දී ගිනිනිවන භටයෝ ඉනිමං ආධාරයෙන් පැමින සියල්ලෝම බෙිරා ගනු ලැබ ඇත.
මෙය ඡායාරෑප ගත කලේ අසල්වැසි මායා ටර්කය.

"අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න.."
"හරි මහත්තයා... ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න..."

එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..

මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ...
ඇය මාව ගනංගන්නේවත් නැතිව

"මහත්තයා ආපු වැඩේ කරලා යන්න"

කී අයුරින්ම මට කෘතුහලයක් ඇති උනා මේ කාන්තාවගේ කතාව සොයා බලන්න...

"ඇයි අම්මා එහෙම කියන්නේ.. ලයිට් කැපුවහම අම්මලාට කරදරයිනේ.. බැරිද මොකක්හරි කරලා මේ බිල ගෙවලා දාන්න"

"වැඩක් නෑ මහත්තයා මට ඕක ගෙවන්න විදියක් නෑ"

"ලයිට් කැපුවහම ආයේ අමුනන්නත් සල්ලි දෙන්න වෙනවා... මෙතන පොඩි ගානක් නේ ගෙවන්න තියෙන්නේ.."

ගෙවන්න තිබුනේ රුපියල් තුන්දහස් ගානක්.. වෙන මිනිස්සු දස අතේ බොරු කියනවා ලයිට් කපන්නැතිව තියාගන්න... ඇත්තටම ඇයි මේ කාන්තාවට මේක ගෙවාගන්න බැරිඋනේ යන්න දැන ගැනීමේ උවමනාව හින්දාම මම ඇහුවා..

"මොක උනත් ඕවට ගෙවන්න තියා මේ පොඩි එකාට කන්න දෙන්නවත් මට විදියක් නෑ"

" ඇයි අම්මට මොකද උනේ... මේ දරුව කාගෙද.."

"මගේ කතාව අහන එක මහත්තයට වැඩක් වෙන්නෑ.. ඒ කතාව කාටවත් වැඩක් නෑ.."

ඇය ඉවත බලාගෙන... ඒ කියූ අයුරින්ම මගෙ හිත කීරිගැසී ගියා..
මා ඇගෙ කතාව අසා සිටියා...

"මහත්තයෝ මේ මගෙ දුවගේ දරුව..
ඒකි රට ගියා දැං ආගිය අතක් නෑ...
මං වැඩකලේ ගොවිපලේ... හැට පැන්න හින්දා පැංසන් ගියා...
තාම මගෙ පැංසන් පඩිය එවුං හදලා දුන් නෑ මහත්තයෝ..."

"මේ දරුවගේ ලේ වල පිලිකාවක්... "

ඇගේ ඇස් කෙලවරේ පුංචි කඳුළු බිඳුවක්..

"මං වැඩට යද්දි මේකගේ අම්මා.. මගේ දුව ගෙදර තනියමයි හිටියේ.."

"මගේ මිනිහ ලෙඩවෙලා මැරුණෙ ඒකිව හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්සේ.."
"ටික කාලයක ගෙවල්වල වැඩ කරලා ඒ ඉඳුල්වලින් කෙල්ලව උස්මහත් කරා.." "ඒකිට හරියකට උගන්න ගන්නත් බැරිඋනා.."
"සල්ලි තිබ්බෙ නෑ මහත්තයෝ..."
"පස්සේ මං ගොවිපලේ වැඩට යද්දි ඒකි ගෙදර හිටියේ තනියම"

"මේකට තාත්තෙක් නෑ ... මෙහෙ වරෙන් මයෙ දෙයියා.."

ඇය දරුවව තුරුලට ගනිමින්... චීත්ත කෙලවරින් දෑස පිස ගත්තා...

"මේකගෙ ලෙඩේ වැඩි වෙලා මහරගම ඉස්පිරිතාලේ හිඩපු ඩිංගට මයේ ගේ ගිනිගත්තා... මට මුකුත් ඉතුරු වෙලා නෑ.. දෙයියනේ...
වටේපිටෙි උන්ටික එකතුවෙලා වහලෙ හෙවිල්ලා දුන්නා... ගේ හරියේ ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ..."

එවිටයි මා ගෙට එබී බැලුවෙ.. නිදාගන්නා පැදුරු කෑල්ල පමනයි ගෙතුල තිබුනේ...

අහපු ටික හොඳටම ප්‍රමානවත්,

මෙතරම් දුකක් දරාගෙන මේ කාන්තාව මෙසේ ජීවත් වෙන්න තිබෙන දෛර්ය මොනතරම්ද... මගේ හදවතට මහා බරක් දැනුනා... වාහනයට ගොඩවී කාර්යාලයට එනකම්ම මහා මූසල ප්‍රදේශයයක් පසු කරනවා වගෙයි එදා දැනුනේ

"සර්... මේ ගෙදර ලයිට් කපන්න මට බෑ
පුලුවන්නම් මෙන්න මේ මුදල මගේ පඩියෙං මාස හයකින් කපා ගන්න..."

මම මගේ ප්‍රධානියා ඉදිරියේ පෙනී හිටියේ එසේ කියමින්..
එතුමා වික්ෂිප්ත උනා

"ඇයි සරත් මොකද්ද ප්‍රශ්නේ.. "

එතුමාගේ පෙරෙත්තය මත මා සියල්ල පවසා සිටියා...

"සරත් ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නෑ කියලද..."

ඔහු එම බිල රතු පෑනෙන් කපා දැම්මා...

--------------------------

මාස කිහිපයකට පසුව මට පනිවිඩයක් ආවා,

"සරත් අයියා අන්න ඔයාවද මන්දා හොයනවා, වයසක අම්මා කෙනෙක්"

මගේ වැඩටික නිමාකර, මා පැමිණියා කාර්යාලයේ ඉදිරිපිටට.. තරමක් දැක හුරු අම්මා කෙනෙක්....
මතක්උනා...

"මහත්තයට මාව අඳුරගන්න පුලුවන්ද.."

අතේ තිබුනු පාර්සලය මවෙත දික්කරමින් ඇය ඇසුවා...

"මගේ පැංසන් එක හම්බඋනා මහත්තයෝ..."

"මට දැං කාත් කවුරුවත් නෑ... කොලුපැටියත් නැතිඋනා.. අනේ මට ඌට හරිහමන් බෙහෙතක් හේතක් කරගන්නවත් බැරිඋනා.."

"මගෙ ජීවිතේටම මංගැන අනුකම්පා කරපු එකම එක්කෙනා මහත්තයා විතරයි.."

"මේං මේ අලුව පාර්සලේ මහත්තයට ගෙනාවේ..."

"හා හා ගොඩාක් ස්තූතියි... ඔහොම්මම එන්නකො ඇතුලට.."

මම ඇයව මගේ ප්‍රධානියා ගාවට රැගෙන ගියා...
ඇයව අදුන්වා දුන්නා..
ලොක්කා කී ලෙසම කාර්ය මණ්ඩලයේ සියලුදෙනාව එයාගේ කාමරයට රැස් කලා..
කට්ටියම අලුව කාලා තේ කහට බිව්වා.. අර අම්මත් සමග...
අපි හිනාවුනා... අම්මගේ රැලිවැටී වේලිලා තිබුනු මුහුන කොනකත් පුංචි සිනා රැල්ලක්... ඇස් දිලිසුනා...
------------------------

සරත්චන්ද්‍ර සහෝදරයාගේ රැකියා ජීවිතේ මතක අත්දැකීමක් ඇසුරිනි

ගෘහ සේවයට පිටරට ගිහින් කප්පරක් දුක්විඳලා මළමිනියක් ගෙදරට ආවම, ආණ්ඩුවේ ඇමතිවරු ගෙදරට ඇවිල්ලා මාධ්‍යවලට පේන්න දුක අහගෙන ඉඳලා, දුක් මූණ පෙන්නලා, පොඩි වන්දියක් දුන්නාම ප‍්‍රශ්නේ අවසානදැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

පසුගිය දිනවල ඇවිල ගිය ජාතිවාදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙළා දකිමින්, ‘තවත් යුද්ධයක් එපා! සිංහල, දෙමළ, මුස්ලිම්, අපි මිනිස්සු!' යන තේමාවෙන් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද සවස 4.00ට කොළඹ කොටුව දුම්රියපෙළ ඉදිරිපිට පැවැත්විණි. ජාතිවාදී ගැටුම් නතර කරන ලෙසත් පීඩිත ජනයා සමගිව අයිතීන් දිනාගැනීමට පෙළ ගැසෙන ලෙසත් බල කරමින් මෙම විරෝධතා රැළියට වාමාංශික පක්ෂ නියෝජිතයන්, කලාකරුවන්, වෘත්තිකයන්, කාන්තා, ශිෂ්‍ය, භික්ෂු, කම්කරු ආදි විවිධ බලවේග නියෝජනය කරමින් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වූහ.

ජාතීන් වඳ කිරීමේ කථාව නිවැරැදියි.
ඒක මගේ පුංචි මොළයට දැනුනා.
මං අපේ පරපුර ගැන හිතුවා.
උදාහරණ සහිතව ඒක ඔප්පු වුණා.

ශිෂ්‍ය සුභසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන ඉතා බරපතල මුල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික කි‍්‍රයාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්ඩුව සෘජුව වගකිව යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පසුගිය දිනවල ඇවිල ගිය ජාතිවාදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙළා දකිමින්, ‘තවත් යුද්ධයක් එපා! සිංහල, දෙමළ, මුස්ලිම්, අපි මිනිස්සු!' යන තේමාවෙන් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද සවස 4.00ට කොළඹ කොටුව දුම්රියපෙළ ඉදිරිපිට පැවැත්විණි. ජාතිවාදී ගැටුම් නතර කරන ලෙසත් පීඩිත ජනයා සමගිව අයිතීන් දිනාගැනීමට පෙළ ගැසෙන ලෙසත් බල කරමින් මෙම විරෝධතා රැළියට වාමාංශික පක්ෂ නියෝජිතයන්, කලාකරුවන්, වෘත්තිකයන්, කාන්තා, ශිෂ්‍ය, භික්ෂු, කම්කරු ආදි විවිධ බලවේග නියෝජනය කරමින් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වූහ.

‘රුසියානු විප්ලවයට සියවසයි, සමාජවාදයද? ම්ලේච්ඡත්වයද?‘ යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් ඔක්තෝබර් 17 වැනි දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ මහජන පුස්තකාලයේදී සංවිධානය කර තිබිණි.

විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය විසින් 2017.10.15 වැනිදා ප.ව. 2.00ට කොළඹ මහජන පුස්තකාලයේ ප‍්‍රවේශාගාරයේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. එහිදී ඊට සහභාගි වූ නියෝජිතයෝ අදහස් පළකරමින්

අපිට තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරීත්වය සම්බන්ධයෙන් විවේචන , නමුත් ඒවා ජනතා විමුක්ති පෙරමුණට එරෙහි විවේචන නෙවෙයි .ඒවා පක්ෂයට මිතුරු විවේචන .ඒ විවේචන  පිළිගන්න රෝහණ විජේවීර කැමති වුනේ නැහැ .

අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් වහා නිදහස් කරනු!

සයිටම් හොර උපාධි කඩයට සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතාලියේ සංවිධානය කරන උද්ඝෝෂණය හෙට, ජුලි 8 වැනිදා දහවල් 1.00 ට මිලානෝ සන්ත අගෝස්තීනෝපොළ අසලදී.

saitam ad

තවත් කම්කරු දින සැමරුමක් වෙනුවෙන් දින ලං වෙනවා .මේ  අතර දේශපාලන පක්ෂ වුර්තිය සමිති පුද්ගල කණ්ඩායම් කම්කරු දිනය වෙනුවෙන් සුදානම් වෙමින්  ඉන්නවා.

කේ.කේ සමන් කුමාරගේ - මාක්ස් ලයිව් ඉන් ශ්‍රි ලංකා නවතම කෘතිය 2018 අප්‍රෙල් 05 බ්‍රහස්පතින්දා සවස 03ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වුනා . චුලානන්ද සමරනායක , අනිල් ලාල් තිබ්බොටුවාව , සහ නන්දන වීරරත්න එහිදී දේශනය පවත්වනු ලැබිය . දේශනා " වාම සංගායනාවකට නිමිත්තක් " යන්නයි

පහතින් දේශනා වෙත සවන් දිය හැකයි

අනිල් ලාල් තිබ්බොටුවාව

නන්දන වීරරත්න

කේ.කේ සමන් කුමාර

කූඹියෝ සහ සහෝදරයා නාට්‍යා දෙක පිළිබදව සංවාදශීලී කතිකාව මාර්තු 31 වනදා ගාල්ල කිණිහිර අධ්‍යයන කවය විසින් සංවිධානය කර තිබුණා .

මෙහිදී බූපති නලින් නාට්‍ය දෙකේම සමාජ දේශපාලන බලය තනි පුද්ගල බලයකට ඌනනය කරන්න උත්සාහ කරලා තිබෙනවා කිවුව.

ආණ්ඩුව විසින් මැයි 1 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 7 වැනිදා දක්වා පසුපසට දැමීම සම්බන්ධව විරෝධය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ සංවිධානය අද මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි .

‘ශ්‍රී ලංකා මහ බැංකුව‘ වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උන්ගේ බර සූදුව නරඹමුද? පරදමුද? මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2018 මාර්තු 25 දින රත්මලාන කම්කරු සෙවණේදී පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා අදහස් දක්වමින් ...

සම්මන්ත්‍රණයේ කුමාර් ගුණරත්නම් සහෝදරයා සම්පුර්ණ හඬ පටයට මෙතනින් සවන් දෙන්න

මේ වන විට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාලව දියත්වෙමින් තිබෙන ක්‍රියාවලිය සහ ඒ ක්‍රියාවලියට එරෙහිව පක්ෂයේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2018 මාර්තු 20 (අද) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව

මෙතනින් සවන් දෙන්න පුබුදු ජයගොඩ සහෝදරයගේ අදහස් දැක්වීමට

මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු

vivara ad2018

tsar to lenin draft

 

පලවා හැරපු නායකයන් නැවත පිළිගන්න තැනට සමාජය වැටුණේ විකල්පයේ අර්බුදය නිසා - පුබුදු ජයගොඩ

"ශ්‍රේෂ්ඨ පරාජයක් - නොමියෙන අරමුණක්" 47වන අප්‍රේල් විරු සමරුවේදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණති

'නොරැවටෙමු! නැගී සිටිමු!'දේශපාලන පක්ෂයකට ඡුන්දය ඉල්ලන්නත් පුලූවන් ඉල්ලන්නෙ නැතුවත් පුලූවන් - ඉන්ද්‍ර

Advertisement

Top Stories

Grid List

ෆේස්බුක් එකේ එහෙ මෙහෙ යන අතරේ
දවසක් මට මුණගැහුණා අමුතු කෙනෙක්
හොඳට ළංවෙලා බැලුවා කවුද කියා
අම්මට හුඩු ඒ දෙයියන් වහන්සේ

ස්ත්‍රී - පුරුස ප්‍රොෆයිල් පික් දමාගෙන
එයා ඉන්නවා හොර ගෙඩියා වාගේ
මේ ලෝකයේ ඇති නැති හැම දේ ගැන ම
පට්ට ම අයිඩියා එක ඇත්තේ එයා ළඟයි

දේශපාලනෙදි කව්ටිල්යට සමය
එහෙමත් නැත්නම් වාගේ මැකියවෙලි
කට පාඩම් තිබේ කොමිනිස් ප්‍රකාසනේ
ලොගවුට් වුණොත් නවතිනවා ඉතිහාසේ

ආර්ථිකය සහ මේ රට හදන ක්‍රමේ
සෑම පක්ෂයකට ම හොඳ උපදේස
ලෝස් නැතුව වෙන කවුරුන්දෝ දෙන්නේ
ෆේස්බුක් එකේ දෙයියන් මිස අපට

කලාව අතැඹුලකි ෂානරයක් නෑර
දාර්ශනික ද්රුස්ටිවාද ටොයිස් වගේ
විද්යුත් මුද්රිත සිනමා සකල කලා
ඒ හැම එක ම යුනිකෝඩෙන් එකළු කළා

කවදාවත් එයාට නෑ වරදින්නේ
හරියට හැමදේ ම නියමිත වෙලාවට
ලියනව උත්තරීතර ලෙස වෝල් එකේ
කියවන සැවොම ඒවා පිළිපැදිය යුතු

දෙයියන් වහන්සේ පෙළහර පාන හැටි
මාත් බලාගෙන හිටියා පුදුම වෙවී
එහෙම ඉද්දි ඇහැ ඇරුණා එක පාර
මොනවා ? ඒක අඩ නින්දේ හීනයකි

කෝකටත් කියා මං දඩිබිඩි ගාලා
විගසින් ලොග් වුණා කන්ෆර්ම් කරගන්න
මළ කෙළියකි - මාත් ඇතුළුව ඔක්කෝම
දෙයියන් වහන්සේලා වී ඇති සේක !

wimal.ketipearachchi

වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරේහිව සටන් කල දයාබර සටන් සගයන් මියගොස් මෙම මස 14 වන දිනට වසරකි ග කුණු කන්ද එලෙස එතනමයග නමුත් කුණු ගැටළුවට විසදුමක් නොමැතග මීතොට මුල්ල වෙනුවට විකල්ප කුණු දමන ස්ථාන තොරාගන තවත් මීතොට මුල්ලවල් රටෙි අස්සක් මුල්ලක් නෑර නිර්මාණය කරමින් ඇත.

මියගිය සහෘදයන් මියගියේයග නමුත් ඔහුන්ගේ මිනියට පවා පාලකයන් වංචාකරමින් අත ්ගදෙනවා කියූ ගෙවල් වන්දි හරි හැටි ලැබී නොමැති අතර රටෙි බොහෝ ස්ථානවල නැවතත් කුණු කදු ගොඩ ගැසීමට පටන්ගේන ඇත.

මීතොට මුල්ල කූණු කන්දේ සිදුවූ ඉරණම මීලගට කොහේ හෝ සිදුවනු ඇතග නමුත් කුණු වලට විසදුමක් ක‍්‍රියාත්මක කිරීමට පාලකයන්ට උවමනාවක් නැතග රට පුරා ඇති වීශාල කුණු කදු නාය යෑම හෝ පුපුරා යාමට වැඩි ඉඩකඩක් ඇතග වර්ෂා කාලයේ ජලය කුණු කදුමතට අධික ලෙස එක් වීමෙන් ඇතිවන නාය යෑමෙි ස්භාවයන් නිසා හෝ මීතේන වායුව(CH4) එක් වී කුණු කදු ඇතුලත සිදුවන කුඩා පිපිරීමි නිසා ඇතිවන නාය යාමෙි තත්වයන් විය හැකිය ග දෙදහස් පහ වර්ෂයේ ජාවා හී එකසිය හතලිස් තුනකට ජීවිත අහිමි කරමින් එහි වීශාල කුණු කන්ද නාය ගියේ මීතෙන් වයුව සමග ඇති වූ පුපුරා යාමි නිසායග එමෙන්න 2017-03-12 වන දින ඉතියෝපියාවෙි අද්දීස් අබාබි හී (ADDHIS ABBAB) කුණු කන්ද පුපුරා ගොස් 120 වැඩි පිරිසක් මිය ගියේ මිතොටමුල්ලේ කුණු කන්ද පුපුර නාය ගිය විලසින්මය ග නමුත් මෙිවා උදාහරණ ලෙසවත් ගෙන ජන ජීවිත් ආරක්ෂා කිරීමට මෙරට පාලකයන්ට වුවමනාවක් නැතග න්‍සරක් ගත වුවද කූණු කදු රටවාටා ගොඩ ගැසූනා විනා කුණු වලින් ප‍්‍රයෝජනයක් ගැනීමට හෝ ඒවාගෙන් පොහොර නිස්පාදනය කර මෙරට ගොවිජනතාවට කාබණික පොහොර ලබා දීමට හො ආණ්ඩුවට හැකිය.

නමුත් ඒ කිසිවක් නොකර කූණු වලිනුත් කප්පමි ගෙන මිනිසුන් තවදුරටත් රවටමින් පරිසරයත් වනසමින් රටටම කුණු කන්දක් බවට මෙි වන විට පරිවර්ථනය කර ඇති අතර ලොව මුහුදට කුණු දමන රටවල් අතර පස්වන සිථානයට වාර්ථා තැබීමටද අපට හැකියාව ලැබී ඇත.

එක්දහස් නවසිය අසූනවය කාලයේ සිට මීතොට මුල්ල්ට කුණු ගෙනවිත් දැමිමට එවකට මුල්ලේරියාව ල කොළොන්නාවල කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර ඒසේ කූණු දැමිම ආරමිබ කළේ කැළණි ගංගා නිමිනයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.

මෙලෙස ආරමිබ වූ කුණු දැමිම දෙදහස් නවය වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බිලුමැන්ඩන් හි කුණු දැමිම තහනමි වූ පසුවය ග ඒ එවකට අග විනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද නියෝගයකට නතු වෙමිනිග මුලින් මී තොට මුල්ල ප්‍රදේශයේ අක්කර දෙකකින් ආරමිබ වූ කුණු දැමිමි වසරින් වසර ගෙවි ගොස් දෙදහස් පහළව වන විට අක්කර දහනවයක් පුර පැතිර ගිය මීටර් තුන්සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ කුණු දැමිමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි ග නමුත් සෑම දිනකම රණාලල බියගමල කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල වීෂ සහිත අපට්ව්‍ය මෙම කුණු ගෙඩට බාහැර කරණ ලදී ග ඒ රවින්ට් උදයශාන්ත ඇතුළු කප්පමි කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පමි වශයේන් ලාබාදීමෙනි.

කෙසේවෙතත් දිනකට මීතොට මුලුල කුණු කන්දට කුණු ටොන් එක් දහස් දෙසිය පණහකට වඩා වැඩි පරමාණයක් කොළඔ අවටින් ගෙන විත් දමන ලදිග මෙහි දීර්ඝ කාලීන ප්‍රතිලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්‍රශ්ණ මෙම ප්‍රදේශයේ පැන නගින්නට විය.

එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන් දැනුවත් කිරීමි වලින් අනතුරුව ව2013 වසරේත් 2015 වසරේත් උද්ඝොෂණ වලට යොමු වූ අතර ඒවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බෙිරාගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමයි.

1mith

 Meethotamulla Garbage Mountain

මිතොටමුල්ලලකුරුණියවත්තල දහමිපුරල 101 වත්තල වැල්ලමිපිටියලපන්සල් හේනග නාගහවත්ත ඇත ජනතාවට පහර දී රෝහල් ගතකිරිමෙන් නොනැවතී ඔහුන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වට පිටාව මෙිතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී .
ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගෙඩගසමින් ඔහුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කල බලදාරීන් මීතොට මුල්ලේන නතර නොවී ඒකලලමුතුරාජවෙලලකරදියාන ප්‍රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසමින් ඇති අතර රටෙි අනොක් නගරවලත් සෑම තැනකම වීශාල කුණු කදු ගොඩ ගසා පරිසරය මෙන්ම ජන ජීවිතද අනතුරේ හෙළමින් ඇතගනමුත වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටකනමි කුණු යනු මහගූ සමිපතකිග එය ආදයමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සමිපතකි.

නමුත් අවාසනාවකට මෙරට බලදාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතලෙයේ එක් ආදායමි මාර්ගයක් බවට පත්කර ඇතග මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පමි ගන්නා කප්පමි කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපදව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපදව්‍ය කළමණාකරනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකියග එයට අවශ්‍යය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශයේ ආරමිබ වී වැළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .
එසේ නොකර ජනතාවගේ ජීවිතයට සොචිචමකින් වන්දී දී ඔහුන් විසින් සිදුකල මීතොට මුල්ලේ ඝාතන යටගැසීමට බැරිය . ඉදිරියේදී කුණු කදුවලට යටවී මැරන ජනතාවටත් මෙහුන් ඒසේම කරනු ඇතග නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා කුණු කළමණාකරනය වෙනුවෙන් අවශ්‍ය පියවරක් ගතයුතු නමුත් මහා ඛෙදවාචකයක් වී තිබියදීත් කුණු ගොඩිනුත් කප්පම ගනිමින් මෙරට මැති ඇමති වරු කුණු කදුවලට මිනිසුන් මෙන්ම මිළ කළනොහැකි ස්භාදම බිලිදෙමින් ඇත.

රවීන්ද්‍ර කාරියවසමි

අලි ඇතුන් ඇතුළු සංරක්ශිත වන සතුන් ඝාතනය කරන උන් කෙරෙහි තදබල විදිහට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා පරිසර හිතකාමීන් බිමේ සංවාදයක් කරන මොහොතක ගල්ගමු දළපූට්ටුවා අතුරුදන් වෙනව. පස්සෙ එයාගෙ දළ යුගලය හමුවෙනව මිනිස්සු අතේ තිබිලා . පස්සෙ ඇතුන් දහදෙනෙකු පමණ පෙළකට ඝාතනය වෙනව. ඇත් දළ පොළවෙ වලදාල තියෙද්දි අත්තඩංගුවට ගන්නව. කල්ලාරු රක්ෂිතය වාසභූමිය කරගෙන හිටපු දැවැන්තයෙක්ගෙ දළ උගුලපු හිස් කබලත් පුරුදු විදිහට හම්බුවෙනව.

මේක මහ හු......... රටක් අමරෙ... පින්කෙත හෙළ රන් දෙරණ හුකාරිස් දැන් ඉවරයි ...

චතුර ජයනාත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  එක්සත් රාජධානී කමුටිව විසින් සංවිධානය කරනු ලැබූ  28 වන ඉල්මහ විරු   සමරුව  ලන්ඩනයේ  Wembley   -  Vale Farm Sports Centre  හිදී පසුගිය 26 වනි  ඉරුදින    පැවැත්වුනි.  1988-89 කාල වකවානුවෙහි  ලාංකීය  අරගල භුමියේදී  මිය ගිය සුවහසක් සොයුරු සොයුරියන්  සිහිපත් කරමින් ඇරඹුනු  දේශපාලන සාකච්චාවක් සහ විමුක්ති ගී සමරු ප්‍රසංගයක්ද  පැවති  අතර ලංකාවේ සිට මෙම විරු සැමරුම් අවස්තාවට අන්තර් ජාල ස්කයිප් තාක්ෂනය ඔස්සේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත  සහෝදරයාද සහභාගී වීය. 

සුපුරුදු පරිදි වසරක් පාසා කරණු ලබන සම්ප්‍රධායික සමරු උත්සව සභා වෙනුවට   අරගලයක නිරත වූ පැරණි සඟයන් දේශපාලනිකව සිහිපත් කිරීමේ අර්ථය සමාජයක් ලෙස අප නැවත නැවත කියවා බැලිය යුතු අතර   ඔවුන් මිහිදන් වූයේත්  දිවි පිදුවේත්    පාලකයාගේ යදමට සිරවූ සුවහසක් පීඩිත    ජනයාට යහපත් සමාජයක් උරුම කරදීමේ ඒකායන පරමාර්ථයෙන්ම  බව  මෙහිදී පවසා සිටි චමීර කොස්වත්ත සහෝදරයා  එදා   අරගලය තුල උදාර අරමුණ  පෙරදැරි  කරගෙන තිබුනත්   අරගල මාදිලියේ සහ  අරගල වපසරියේ ගුණ දොස් පිලිබඳවද   අපගේ දේශපාලන සාකච්චාවන්ට බඳුන් කලයුතුව ඇතයිද කියා සිටියේය. 

 අධිරාජ්‍යවාදීන්ගේ නව  උපායන් මගින් ජනතාව තව තවත් පීඩනයට  ලක් කොට ඇති වත්මන්  සමාජයට අරගලයෙන් තොර යුක්තියක්  සාදාරණයක් නැති බව  එදා ඉල්මහ විරුවන්ගේ  අරගලයේ   අර්ථ ගැන්වීම අද වඩ වඩාත් පෙන්වාලමින් තිබෙන අතර   එකී  පන්නරය ලාංකීය  පොළොවෙහි පැළ කොට සිටියේ ඔවුන් බැවින් ඉල්මහේදී දිවි පිදූ වීරවරයින් හා වීරවරියන්  සැමරුමටකට  එහා ගිය භාවිතාවක් අද දවසේ සමාජය ඉල්ලා සිටිනු ඇතයිද  ඉල්විරුවන් පෙන්නූ මග අද මෙන්ම හෙටද  සමාජවාදී සමාජයක් ගොඩ නැගීම සදහා වන මූලයන්ට පන්නරයක් වන බවද චමීර කොස්වත්ත සහෝදරයා මෙහිදී සඳහන් කර සිටියේය.